Saturday, April 27, 2024

කැන් සම්මානය දිනූ ‘දීපන්’ චිත්‍රපටයේ නළු ශෝභාශක්ති ජේසුදාසන් ගැන ලංකාදීප කර්තෘ ඇදගෙන නා ගනී – මෙත්සිරි අම්බලන්ගොඩ

කෑන් චිත්‍රපට උළෙලේ දී ‘‘පාම් දෝ‘‘ රන් සම්මානය හිමිකැර ගත් දීපන් නම් ප්‍රංශ විත්‍රපටයේ ප්‍රධාන වරිතය වූ ශෝභාශක්ති ජේසුදාසන් ළමා කොටියකු ලෙස හදුන්වා දෙමින් ජාතිවාදය අවුලවන ලිපියක් ලංකාදීප වෙබ් අඩවියෙහි පළ කර තිබේ.

මෙම ලිපියෙහි ශෝභාශක්ති ජේසුදාසන් එල්ටීටීඊ හිතවාදී විදී නාට්‍යකරුවකු ලෙස ද සදහන් කරයි. ශ්‍රී ලංකික විදෙස් ගත දෙමළ සාහිත්‍ය ක්ෂේත්‍රය ගැන අබැටැක් හෝ දන්නා අයකු මෙවැනි ගොන් වාර්තාවක් ලියන්නේ නැත. ශෝභාශක්ති යන අන්වර්ථ නාමයෙන් කෙටිකතා සහ නවකතාකරණයේ යෙදෙන ජේසුදාසන් සැළකෙන්නේ ප්‍රතිභා සම්පන්න ලේඛකයකු ලෙස ය.

ශෝභාශක්ති
ශෝභාශක්ති

ඔහුගේ නිර්මාණ තුළ කිසිවිටෙක එල්ටීටීඊ සංවිධානය හෝ එහි දේශපාලනය වර්ණනා කෙරෙන්නේ නැත. ඇත්ත වශයෙන්ම නම් දෙමළ අන්තවාදී ඩයස්පෝරා පිරිස් ඔහුට සළකන්නේ පිටස්තරයකුට ලෙස ය.
‘ගොරිල්ලා’ නමින් ඔහු විසින් රචිත කෙටි නවකතාව දෙමළ සන්නද්ධ අරගලයේ නරුම ලක්ෂනයන්ට කැරෙන දරුණු විවේචනයකි.

නමුත් ලංකාදීප කර්තාට ශෝභාශක්ති ජේසුදාසන් දශක ගණනාවකට පසුත් ළමා කොටියෙකි!

‘දීපන්’ චිතුපටයට කැන් සම්මානයක් ලැබිමෙන් පසු ජනමාධ්‍යට ඔහු කියා සිටියේ ‘දෙමළ ඩයස්පොරාවට ඕනැ වුනාට ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට ස්වාධින දෙමළ ඊළමක් හෝ ප්‍රචන්ඩ දේශපාලනය අවශ්‍ය නැති’ බවයි. ඔහු තවදුරටත් කීවේ ‘අද තුවක්කු නිහඩ වෙලා. ජනයා තමන්ගේ එදිනෙදා ජිවිතය ගත කරනවා. නමුත් දෙමළ ජනතාවගේ මූලික දේශපාලන ප්‍රශ්ණ තවම විසදා නැහැ’ කියා ය. ‘ දෙමළ ජනයාට ස්වයං පාලන විසදුමක් අවශයයි. එය ලබා ගත් යුත්තේ ප්‍රජාතන්‍ත්‍රවාදීව. අද ලංකාවේ තිබෙන දේශපාලන වෙනස දේශපාලන විසදුමක් ලබා ගැනිමට යහපත්’

‘ළමා කොටියාට ප්‍රංශ සම්මානයක් ’ යනුවෙන් ලංකාදීප කර්තෘ ගේ මාතෘකාව තුළම ඇත්තේ බටහිර රටවල් එල්ටීටීඊ යට තවමත් සහාය දෙන්නේ ය යන ජාතිවාදි මුලාවට උඩ ගෙඩි දීමකි. ලාංකික නළුවාට කැන් උළෙලේ සම්මානයක් යන්න ලංකාදීප කර්තාට පෙනෙන්නේ කොටියාට ප්‍රංශ සම්මානයක් ලෙසය!

ලංකාදීප කර්තෘ සිංහල පාඨකයින් ගොනාට අන්දවන්නේ තමා ද උම්බෑ කියන ගමන් ය. අඩු වශයෙන් මෙවැනි ජයග්‍රහණයක් පිළිබඳ ලිපියක් පළ කරන විටවත් අන්තර් ජාලයේ shobasakthi කියා සොයා බැලුවේ නම් මෙළෙස උම්බෑ කියන්නට සිදු වන්නේ නැත.

ලංකාදීප කර්තෘගේ ළමා කොටි ලිපියේ අදාළ කොටස් මෙසේ ය.

ළමා කොටියාට ප්‍රංශ සම්මානයක් යන්නයි
හිටපු ළමා සෙබලකු හා නවකතා කරුවකු වන අන්තෝනිදාස් ජේසුදාසන් ලොව මහා චිත්‍රපට උළෙල ලෙස සැලකෙන කෑන් චිත්‍රපට උළෙලේ දී ‘‘පාම් දෝ‘‘ රන් සම්මානය හිමිකැර ගත්තේ ය. දීපන් නම් ප්‍රංශ ත්‍රාසජනක චිත්‍රපටයේ රඟපෑමෙන් ඔහු මේ රන් සම්මානය දිනාගත්තේය.

අන්තෝනිදාසන් වයස 16 සිට කොටි සටන්කරුවෙක් විය. ශ්‍රී ලංකාවේ භියකරු තුන් වසරකට පසුව ව්‍යාජ ගමන් බලපත්‍රයකින් 1993 දී ප්‍රංශයට යාමට පෙර ඔහු තායිලන්තයට පැමිණියේය. ප්‍රංශයේ දී ඔහුට දේශපාලන රැකවරණ ලැබිණි.

‘‘ මම ප්‍රංශයට ආවේ හොර ගමන් බලපත්‍රයකින්. එහෙම එකක් විතරයි මට හොයා ගන්න පුළුවන් වුණේ. එංගලන්තයට කැනඩාවට පනින්න හොර ගමන් බලපත්‍රයක් හොයාගන්න බැරිවුණා.‘‘ යැයි අන්තෝනිදාස් කීවේය.
නිෂ්පාදක අඩියාඩ් සමග කෑන් වේදිකාවට ගොඩවුණු ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවට යළි යෑම භයානක බවයි. ‘‘2009 යුද්ධය නිල වශයෙන් අවසන් වුණා. අදත් ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට පහර දෙනවා. රජයෙන් යුද සිර කරුවන් කී දෙනකු අත්අඩංගුවට ගෙන ඇත්දැයි අපි අදත් දන්නේ නැහැ. අපට සැබැ තොරතුරු නැහැ. ප්‍රංශයේ දී මුදල් සෙවිය හැකි ඕනෑම වැඩක් කරමින් ඔහු කෙටි කතා නාට්‍ය නවකතා ආදිය ලියූ බව කියයි. ඒ කතාවලට ඔහුගේ අත්දැකීම් පාදක වී ඇත.
අදියාද්ගේ චිත්‍රපටයේ රඟපෑමට පෙර අන්තෝනිදාසන් ප්‍රංශයේ දෙමළ කොටින්ගේ විදි නාට්‍යයවල ප්‍රචාරක නළුවෙක් විය.

Archive

Latest news

Related news