Saturday, May 4, 2024

මණ්ඩලේ කචල් – විමල්, ගම්මන්පිල, වාසු ගැටෙති

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පිල නියෝජනය කරන පිරිස අතර යම් ගැටුම්කාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

වාර්තාවන අන්දමට මතුව ඇති වාතාවරණය අනුව ශ්‍රී ලංකා නිදහස්පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබා නො‍දෙතැයි ඔවුන් අතර දැඩි විශ්වාසයක් ගොඩ නැගීම හා ඒ අනුව මහින්ද පිල වෙනම මීලඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන්නේනම් එහි නාමයෝජනා සකසන ආකාරය සම්බන්ධයෙන් මෙම විරසක භාවය හටගෙන ඇත.

එම පිල නියෝජනය කරන පිරිස අතුරෙන් විමල් වීරවංස, උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා මීලඟ පාර්ලිමේන්තු මැතිවරණයට තම කණ්ඩායමෙන් නාමයෝජනා ලබා දිය යතු බවට යෝජනා කර තිබේ. විමල්ගේ යෝජනාව ගෝඨාභය වී ඇති අතර ගම්මන්පිල ප්‍රකාශ කර ඇත්තේ ගෝඨාභය සහ බැසිල් යන දෙදෙනාටම නාමයෝජනා ලබා දිය යුතු බවය.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලය අයුතු ලෙස භාවිතා කරන්නෙකු බවත් ඔහු කිසිසේත් බලයට එන්න සුදුසු නැති බවත් දැඩි සේ ප්‍රකාශ කරමින් වාසුදේව නානයක්කාර මහතා ඇතුළු පිරිසක් ඊට විරෝධතාවය දක්වා ඇත.

කෙසේනමුත් ඔහුගේ විරෝධතාවය හමුවේ විමල්-වාසු දෙදෙනා අතර යම් බහින්බස්වීමක්ද සිදුව තිබේ.

මෙවැනි ගැටුමක් අති බව සනාත කරමින් වාසුදේව නානායක්කාර මහතා හිරු රූපවාහිනිය සමඟ පැවැති සාකච්ඡාවක දී ප්‍රකාශ කර සිටියේ “ගෝඨාභයට මා කොහොමත් විරුද්ධයි. ඔහු බලය අයුතු ලෙස භාවිත කළා. පාර්ලිමේන්තුව අසල තිබුණු ස්මාරකයක් අපි එපා කියද්දි බලහත්කාරයෙන් ඉවත් කළා. වෙන තැනක් ඉල්ලුවට දුන්නෙත් නැහැ. ඔහු බලයට එන්න සුදුසු නැහැ.”

ඉදිරි මහ මැතිවරණයේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබා දෙනවාට තමා විරුද්ධ බවද එම වැඩසටහන අතුරතුරදී ඔහු ප්‍රකාශ කර සිටියේය.

– ලංකා ට්රුත්

Archive

Latest news

Related news