(විද්‍යා වෙනුවෙන්් පාරට ආ ළමයි)
2010 වසරේ පුංකුඩුතිවු මහ විදුහලේ මගේ පන්තියට අලුතින් ළමයකු පැමිණ සිටින බව පාසලට ආ විගසම පන්තියේ සෙසු ළමයි මට දැනුම් දුන්හ.
පන්තියේ අන්තිම පේලියේ වාඩිවී හුන් සිසුවිය අසුනින් නැගී සිටියේ බියට පත් වූ විලාසයකිනි. නම කුමක්දැයි ඇසූවිට ‘විද්‍යා’ යැයි හෙමින් උත්තර දුන්නාය.
ඉංග්‍රිසි නම් විද්‍යා යැයි සිසු සිසුවියන් කියන තරමට ඇය ඉංග්‍රිසි විෂයට සමත්කම් දැක්වූවාය. ඉංග්‍රිසි වලට පමණක් නොව සියලු විෂයන් කෙරෙහි දක්ෂතා දැක්වූ ඇය ගණිතය විතරක් තරමක් අපහසු යැයි පැවසුවාය. ගණිතය හොඳින් ඉගෙන ගත යුතු බව සියලුම ගුරුවරුන් පවසද්දී ඇය හැමවිටම කිව්වේ ‘ඒක ටිකක් අමාරුයි කියාය’.
වරක් මා අනාගත බලාපොරොත්තු පිළිබඳව ඉංග්‍රිසියෙන් ලියන ලෙස සිසුන්ට පැවසූ විට ඇය ලියා තිබුණේ අනාගතයේදී මාධ්‍යවේදිනියක් වීමට බලාපොරොත්තු වන බවය.
ඇය උසස් පෙළට තෝරාගෙන තිබුණේත් ඉංග්‍රිසි ඇතුළු දක්ෂතා දැක්වූ විෂයන්මය.
ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඉංග්‍රිසි විෂය සඳහා වූ CD තැටි එළි දැක්වීමක් පැවැත්වුණු අවස්ථාවේ අප පාසල නියෝජනය කරමින් ජනාධිපතිතුමන් ඉදිරියේ පෙනී සිටීමට ඇය තෝරාගනු ලැබිණි. ‘ඒ රැස්වීමේදි මට ඉංග්‍රිසියෙන් කථාවක් කරන්න වෙයිද සර් ?‘ කියා ඇය මගෙන් අවිහිංසක ලෙස ඇසූ පැනය තවමත් මගේ සවන් තුල දෝංකාර දෙයි.
මාරුවීමක් ලබා මා හට විද්‍යාලයෙන් යාමට සිදුවූ අවස්ථාවේ එය අවලංගු කරගැනීමට නොහැකිදැයි දියණියක් පියෙකුගෙන් කරන්න ඉල්ලීමක් සේ ඇය ඉල්ලා සිටි අයුරු තවමත් මගේ හදවතෙහි මැවෙයි.
මීට මසකට පෙර වේලනෙයි මහ විදුහලේ පැවති සම්මන්ත්‍රණයකට පැමිණි අවස්ථාවේ ඇය මා සොයාගෙන පැමිණ කථාබහ කොට සිය කෘතවේදීත්වය පෙන්නුම් කළාය.
මරණය යනු වයස් භේදයකින් තොරව කාහටත් පොදුවූ දෙයකි.
එහෙත් මැයට හිමිවූ මරණය අති බිහිසුණු වූවකි.
මේ අවිහිංසක බාලිකාවට හිමිවීමට කිසිසේත් නුසුදුසු වූවකි.
බෙහෙත් ගැනීමට මුදල් නැතිකමින් කොච්චරවත් ‘හිසරදෙයි. ඇස් දෙක රිදෙනවා‘ කියමින් හඬන ඈ අවසන් මොහොතේ කොපමණ වූ දුඃඛස්කන්ධයක් වළඳන්නට ඇද්ද?
අහෝ දෙවියනේ…!
අවමඟුල් පෙරහරේ ගමන් කරද්දී අපව තෙමාගෙන වැටුණු වැස්ස කඳුළු සඟවාගන්නට අපට සහය විය.
ගිහිල්ලා එන්න මගෙ දුවේ…!!!
දුෂ්‍යන්තන් තුරෙයිරාජා
– විකල්ප