Sunday, May 5, 2024

බයිල එපා! විමල් විරවංශ මේ ප්‍රශ්ණ 3ට පිළිතුරු දෙන්න!!

විමල් වීරවංස නිවාස ඉදිකිරීම් ඉංජිනේරු සේවා ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිය පවුලේ සමීප නෑයින් පස් දෙනෙකුට හා හිටපු ජනාධිපති බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය අංශ නිලධාරියෙකුට ජනතා මුදලින් අති සුඛෝපභෝගී නිවාස හයක් අඩු මුදලට ලබා දී ඇති බවත් එම නිවාස භාර දීමේ උත්සවයට පමණක් රුපියල් ලක්ෂ හැටනවයක් වැය කර ඇතැයි නිවාස හා සමෘද්ධි අමාත්‍යංශයට අයත් සීමාසහිත ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

මෙම ආයතනය රජයට අයත් නිවාස හා දේපල සංවර්ධනය කිරීම සඳහා පිහිටවනු ලැබූ මුල්ම රාජ්‍ය ආයතනය වන අතර විමල් වීරවංස ඇමතිවරයා ලෙස කටයුතු කරමින් එම අයතනය හරහා විශාල මුල්‍ය අක්‍රමිකතා සිදු කර ඇති බවට අනාවරණය කර ගෙන තිබේ.

ඔහු විසින් සිදු කර ඇති මූල්‍ය වංචාවන් ලෙස සඳහන් වන්නේ,

ඇමතිවරයා ලෙස කටයුතු කරමින් මත්තේගොඩ හා කහතුඩුවේ ඉදිකරන ලද රුපියල් හත්කෝටි දස ලක්ෂයක් වටිනා නිවාස හයක් අඩු මුදලට තක්සේරු කරමින් සිය පවුලේ සාමාජිකයින් වෙත ලබා දීම.

කිසිදු පිළිගත් ආයතනික ක්‍රමවේදයකින් තොරව දිනපොත් 20,000ක් හා දින දර්ශන 25,000ක් මුද්‍රණය කිරීම වෙනුවෙන් නිවාස අරමුදලින් රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක් වැය කර තිබීම.

ප්‍රවර්ධන නිලධාරීන් ලෙස පුද්ගලයන් දොළොස් දෙනෙකු බඳවා ගනිමින් ඔවුන් දේශපාලන කටයුතු සඳහා යොදා ගෙන ඇති අතර වාර්ෂිකව වැටුප් ලෙස රුපියල් කෝටි හයක් ගෙවා තිබීම.

එම සමාගම වීරවංස ඇමතිවරයාට යොමු කර ඇති ප්‍රශ්න තුන වන්නේ,

01. මත්තේගොඩින් හා කහතුඩුවෙන් නිවාස ලබා ගත් පුද්ගලයින් පවුලේ සමීප ඥාතීන්ද නැතිද යන්න ප්‍රකාශ කරන්න.

02. ජනාධිපතිවරණය අතරතුර හදිසියේ රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක දිනපොත් සහ දින දර්ශන මුද්‍රණයට ඇමතිවරයා ලෙස සම්බන්ධයක් නැතිද?

03. වසරකට රුපියල් කෝටි හයක් ඉක්මවා මහජන මුදලින් පඩි ගෙවමින් කිසියම් පිරිසක් නඩත්තු කළේද? නැතිද?

ස්තුතිය – ලංකා ට්රැත් අවියට

Archive

Latest news

Related news