Thursday, March 28, 2024

රාජපක්ෂවරුන්ට පොලිස් රාජ්‍යය, හිටලර්, මානව හිමිකම් මතක් වීම – සුනන්ද දේශප්‍රිය

අම්මප ඇත්ත!

රාජපක්ෂවරු දැන් පොලිස් රාජ‍්‍යයක් ගැන, හිට්ලර්වාදී අඥාදයක පාලනයක් ගැන, ජනමාධ්‍ය නිදහස ගැන සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩු පැවැරීම ගැන කතා කරන්න පටන් අරං!

ඔක්කාරය හැදුණත් මේ කතා ඇත්ත.

තමන්ගේම අතීතය අමතකවීම ලෙඩක්! ඒකට කියන්නේ ඩිමෙන්ෂියාව කියළයි. සමහරුන්ට මේ අසනීපය හැදෙන්නේ කැමැත්තෙන්. රාජපක්ෂවරුන්ටත් එහෙම වෙන්න ඇති.

‘‘ මං ඔය අවලන් උසාවි වලට බය නැහැ. මං ගැන එක වචනයක් ලිව්වොත් මං උඹේ හු.. පත්තරේට නඩු දාල ඕක වහල දානවා.’’

ඒ වචන වෙන කාගෙවත් නොවෙයි. එවකට ආරක්ෂක ලේකම් වශයෙන් සිටි ගෝඨාභය රාජපක්ෂගෙ. ඔහු එහෙම කෑ ගැහුවේ එවකට සන්ඩේ ලීඩර් කතුවරිය වූ පෙඩරිකා ජෑන්ස්ට. එම සංවාදය හඩ පටියක් ඇසුරෙන් 2012 ජුලි 08 දි සන්ඩේ ලීඩර් පත්තරේට ලිව්වේත් ඇයමයි.

( මතක තියා ගන්න ඇය රාජපක්ෂ ගුණ ගායනා කරපු මාධ්‍ය වේදිනියක්. ජෙනරල් පොන්සේකා හිරේ යවන්න ඇය සාක්ෂි දෙත්දි ගෝඨාභය ඇයට එස්.ටි.එෆ්, ආරක්ෂාව පවා දීල තිබුණ)

ඒ සංවාදයේ දී ඇය මෙහෙම අහනව.

‘‘ ඔබ මට තර්ජනය කරනව ද? ’’

ගෝඨාභය රාජපක්ෂ කෑ ගහන්නේ මෙහෙමයි.

‘‘ ඔව් තර්ජනය කරනව තමයි. ඕන නම් මං කියපු හැම වචනයක්ම ලියපං. එක හු.. වචනයක් ලියපං, මං බලා ගන්නම්. උඹ ගූ කන හු.. ජනමාධ්‍යවේදිනියෙක් ’’

දැන් පොලිස් රාජ්‍යක් ගැන කතා කරන්නේ මෙන්න එදා එහෙම කතා කරපු මේ රාජපක්ෂලාය!

එදා අවලන් උසාවියට බය නැතැයි කෑ ගැසූ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කර තමන් අත් අඩංඟුවට ගැනීම තාවකාලිකව වළක්වා ගන්න සමත් වී තිබෙනවා. දැන් මානව හිමිකම් පෙත්සම් රාජපක්ෂවරුන්ට වටින දේවල් වෙලා.

ගෝඨාභය ආරක්ෂක ලේකම් කාලේ මානව හිමිකම් නඩු පවරපු ජනමාධ්‍යවේදීන්ට නිදහස් වෙන්න නම් ඒ නඩු ඉල්ලා අස්කර ගන්න සිද්ධ වුණා.

2009 පෙබරවාරි 26 දා එවකට සුදර්ඕලි පුවත්පතෙහි කර්තෘ වූ එන්. විත්‍යාදරන් ඥතියකුගේ අවමඟුල් උත්සවයකට සහභාගිවෙමින් සිටි පොලිස් නිල ඇදුමින් සැරසුණ තිදෙනෙකුගේ කන්ඩායමක් විසින් පැහැර ගැනුනා. එම පැහැර ගැනීම වහාම දෙස් විදෙස් මානව හිමිකම් සංවිධානයන්හි අවධානයට යොමූ කිරීමට අදාළ පිරිස් සමත් වුනා. පොලීසිය පැහැර ගැනීම ප්‍රතික්ෂේප කරා. පැය ගණනාවක් ඇතුළත පොලිස් අපරාධ දෙපාර්ථමේන්තුව ප්‍රකාශයක් කරමින් පහර දී මහමඟ දමා සිටි ජනමාධ්‍යවේදී විත්‍යාදරන් තමන්ට හමු වූ බවත් ඔහු අත් අඩංඟුවට ගත් බවත් කියා සිටියා.

ඒ අද රාජපක්ෂලාට මතක නැති තවත් එක් සිදුවීමක් විතරයි.

එදාම ගොඨාභය රාජපක්ෂ ඕස්ට්‍රේලියානු එස්බීඑස් රූපවාහිනයට කිව්ව කතාව ඊටත් හපන්. ‘‘ විත්‍යාදරන් කියන්නේ ත්‍රස්තවාදියෙක්. තමුසේ ඌ රකින්න හැදුවොත් තමුන්ගේ අතෙත් ලේ ගෑවේවි. ඌ තමයි කොළඹට එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාර සම්බන්ධීකරණය කරේ. ’’

අන්තිමේ දී විත්‍යාදරන් නිදොස් කොට නිදහස් කරන්න රාජපක්ෂලාට සිද්ධ වුණා. එත් එක කොන්දේසියක් උඩ. ඒ තමයි තමා පැහැර ගෙන ගොස් පහර දී අත් අඩංඟුවට ගෙන රඳවා තැබීමට විරුද්ධව විත්‍යාදරන් ගොනු කර තිබූ මානව හිමිකම් පෙත්සම ඉල්ලා අස්කර ගැනීම.

අද තමන් හිරේ යන එක වළක්ව ගන්න ශේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩු පවරන්නේ අන්න ඒ ගෝඨාභය රාජපක්ෂ.

ඊට වසරකට පෙර එනම් 2008 මාර්තු 06 දා මාධ්‍යකරුවකු මෙන්ම මුද්‍රණකරුවකු වූ ජසිහරන් සහ ඔහුගේ සහකාරිය වූ ජනමාධ්‍යවේදිනී වලර්මතී ගොඨාභයගේ පොලීසියෙන් අත් අඩංඟුවට ගැනුනා. උසාවියේ නඩු විමසා තීරණ දෙන්න කලින් ගොඨාභය රාජපක්ෂගේ ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මගින් ( 2009 ජනවාරි) එම පුරවැසියන් දෙදෙනා භයානක තස්ත්‍රවාදීන් ලෙස තින්දු කරේ මෙහෙමයි.

‘‘ සැකකාර ජසීහරන් එල්ටීටීඊ ප්‍රචාරක කටයුතු වලට උදව් වෙමින් මුද්‍රණාලයක් පවත්වා ගෙන ගියේ ය. සැකකාර වලර්මතී ජසිහරන්ගේ සහායිකාවක වෙමින් එල්ටීටීඊයේ ප්‍රචාරක කටයුතු වලට උදව් කරමින් සිටියේ ය. ’’ මීට අමතරව තවත් බොහෝ දරුණු චෝදනා රාජපක්ෂ ප්‍රචාරක යන්ත්‍ර මගින් ඔව්න් දෙදෙනාට එරෙහිව එල්ල කෙරුණි.

නමුත් අධිකරණය අන්තිමේ දී එම දෙදෙනාද 2009 ඔක්තෝබර් 26දා නිදොස් කොට නිදහස් කරා. ඒත් එක් කොන්දේසියක් උඩ. ඒ කොන්දේසිය එවකට නීතිපති වූ මොහාන් පීරිස් අධිකරණය හමුවේ කිව්වේ මෙහෙමයි.‘‘ ජසීහරන්ට සහ වලර්මතීට එරෙහිව තියෙන චෝදනා ඉල්ලා අස්කර ගැනීමට අප සූදානම්. නමුත් ඒ සඳහා ඔවුන් තමන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි ත්‍රස්ත විමර්ශන අංශයට එරෙහිව පවරා ඇති මානව හිමිකම් නඩු ඉල්ලා අස්කර ගත යුතුයි ’’

මේ වෙන කොට ශ්‍රේෂ්ඨාධිකරණය එම මූලික මානව හිමිකම් නඩුව විභාග කිරීමට දින පවා නියම කර තිබුණා. තමා චධ හිංසාවනට ලක් කළ බව සනාථ කිරීමට ජසිහරන් සතුව සාක්ෂි තිබුණා. අන්න ඒ නිසයි මොහාන් පිරිස් එම මානව හිමිකම් නඩුව ඉල්ලා අස්කර ගැනීමට ජසීහරන් සහ වලර්මතිට කොන්දේසි පැනෙව්වේ. ඒ නඩුව අහන්න ඊට සති කිහිපයකට කලින්.

ඔවුන් නිදහස් කිරිමෙන් පසුවත් ගොඨාභය රාජපක්ෂගේ ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය එම චෝදනා අඩං ඟු ලිපි කිසිවක් ඉවත් කරේ නැහැ. රාජපක්ෂලා මානව හිමිකම් සහ නීතියට සැළකුවේ අන්න ඒ විදිහට. දැන් මානව හිමිකම් ඉල්ලා උසාවි යන්නේ ඒ රාජපක්ෂම වීම ඉතිහාසයේ සරදමක් ද? ඩිමෙන්ෂියා රෝග ලක්ෂනයක් ද? නැත්නම් ඒ දෙකමද?

පැහැරගෙන වධ දී මැරන්න දමා ගිය පෝද්දල ජයන්ත රෝහලේ දී
පැහැරගෙන වධ දී මැරන්න දමා ගිය පෝද්දල ජයන්ත රෝහලේ දී

‘‘ මේක පොලිස් රාජ්‍යයක්’’ කියළ ඒ ගෝඨාභය රාජපක්ෂ කියළ තිබුනෙ පහුගිය අප්‍රේල් 23දා. පොලිස් රාජ්‍යයක හැටි බලා ගන්න ඕනෙ නම් ගෝඨාභය රාජපක්ෂට තියෙන්නෙ ඒ දවස්වල තමුන් දෙස් විදෙස් රූපවාහිනී නාලිකාවට දීපු ඝෝෂාකාරී සම්මුඛ සාකච්ජා දිහා බලන එකයි. ‘ලසන්ත වික්‍රමතුංග කියන්නේ මොකෙක්ද’ කියළ ඉන් එකකදි අහපු රාජපක්ෂ තවත් එකකදී කිව්වා ‘මං සරත් පොන්සේකා එල්ලුම් ගස් යවනව’ කියළ.

එදා එහෙම කැ ගහපු ගෝඨාභය දැන් නීතියේ පාලනය ගැන කතා කරනවා!

2010 ජනාධිපතිවරණයෙන් යම්තම් දින දෙකකට පස්සේ එනම් ජනවාරි 28 දා 077 350 1626 දරන සිය දුරකථනයෙන් එවකට ජවිපෙ නායකයා වූ සෝමවංශ අමරසිංහට ගොඨාභයමරණ තර්ජනය කරා. ඔහු මෙසේ කියා තිබුණා. ‘‘ තමුසෙගේ ලංකා පත්තරේ වැහුවෙ නැත්නම් මං ඒකට ගිනි තියනවා. තමුසෙත් ප්‍රවේසම් වෙනවා’’. පසුව ලංකා පුවත්පත් කාර්යාලය නීති විරෝධී ලෙස සීල් තැබුවේ ද ගොඨාභය රාජපක්ෂගේ පොලීසිය විසින්.

2007 අප්‍රේල් 17 හෝ 18වන දා ඩේලිමිරර් කතුවරිය වූ චම්පිකා ලියනාරච්චිට දුර කථනයෙන් තර්ජනය කළ ගොඨාභය රාජපක්ෂ ‘ තමුන්ගේ පත්තරය කරුණා අම්මාන්ගේ කණ්ඩායම විවේචනය කිරීම ගැන හමුදාව ඉන්නේ කේන්තියෙන්. මගෙන් ආයෙත් ආරක්ෂවක් ඉල්ලාගෙන එන්න එපා’ යැයි බැණ වැදුණා. එපමණක් නොව අදාළ වාර්තාව ලියා තිබූ ජනමාධ්‍ය වේදිනිය ගැන නපුරු බස් ද දොඩා තිබුණා.

2008 මැයි 26 දා එවකට ශ්‍රී ලංකා පත්‍රකලාවේදීන්ගේ සංගමයේ සභාපති සනත් බාලසුරිය සහ ලේකම් පෝද්දල ජයන්ත කැදවූ ගොඨාභය රාජපක්ෂ ‘ තමුසෙලාට වෙන දේ බලා ගන්නවා. ඒක ජනතාව කරාවි. තමුසෙලා එක්ක මට සාකච්ජාවක් නෑ. මං කියන දේ අහගෙන ඉන්නයි එන්න කිව්වේ’ යැයි මරණීය තර්ජන එල්ල කර තිබුණා. ඒ තර්ජනය අනුව 2009 ජූනි 01 දා පැහැර ගැනුන පෝද්දල ජයන්තට දරුණ වධහිංසා පමුණුවා මැරෙන්නට කානුවකට විසි කර දැම්මේ කුප්‍රකට සුදු වෑන්කරුවන් විසින්.

‘ මං තමුසේ මරා දානවා’ යැයි 2006 ජනවාරි 11දා එවකට සන්ඩේ ලිඩර් කතුවරයා වූ ලසන්ත වික්‍රමතුංගට තර්ජනය කළේ ජනාධිපති රාජපක්ෂ. ලසන්ත ජනමාධ්‍යට කී පරිදි මහින්ද රාජපක්ෂ ඔහුට බැන වැදුණේ ‘අම්මට හු… වේසිගේ පුතා’ වැනි තිත්ත කුණු හරුප වලින්. අන්තිමේ දී එම තර්ජනය අනුව 2009 ජනවාරි 08 දා ලසන්ත මරා දැමුණා.

දැන් පොලිස් රාජ්‍යයක් සහ හිට්ලර්ගේ පාලනයක් ගැන කතා කරන්නේ මෙන්න මේ රාජපක්ෂලා ය. තව මේ වගේ රාජපක්ෂ මාරක කතා කොච්චර නම් තියෙනවද?

යහපාලනය යනු හිට්ලර් පාලනයට පසුව බිහිවු පාලනයක් බව දැන් තහවුරු වෙමින් තිබේ යැයි මහ රාජපක්ෂ වන මහින්ද රාජපක්ෂ මැයි 07දා කියා තිබුණේ වැලිකඩ හිර ගෙදර ළගදි. ඊට කලින් බෝගම්බර හිරගෙදර ළඟදිත් ඒ වගේම කතාවක් කියළ තිබුණ.

ඒත් මේ රාජපක්ෂලාට මතක නැහැ හිට්ලර් සිය බලය පවත්වා ගන්න කරපු දේවල්ම තමන් කරපු බව. තමන්ට සදාකාලිකව බලයේ ඉන්න පුලුවන් වෙයි කියළ හිට්ලර් ව්‍යවස්ථාව වෙනස් කර ගත්තෙ 1933 දි. ඇඩ්ලොෆ් හිට්ලර් ඒ සංශෝධනයෙන් පාර්ලිමේන්තුව වැඩකට නැති කරල බලය තමන් අතට ගත්ත. රාජපක්ෂ 18වන සංශෝධනයෙන් කර ගත්තේත් ඒ ටිකමයි. රාජපක්ෂ හිතුවෙත් මැරෙනකන් බලයේ ඉන්න.

රාජපක්ෂලාගේ මානව හිමිකම් දේශනා අහගෙන ඉන්න වෙච්ච අපට එක්කො පිස්සු! නැත්නම් උන්ට පිස්සු!!

Archive

Latest news

Related news