Thursday, April 25, 2024

විඩියෝ: රාජපක්ෂ පවුලේ සාමාජිකයන් රුපියල් බිලියන 18ක් පිටරටවල සඟවලා – මංගල සමරවීර

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් විසින් පිටරටවල සඟවා ඇති වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 18ක් පමණ වන බව ඒ සම්බන්ධයෙන් සොයාබලන බුද්ධි අංශ අනාවරණය කර ඇතැයිද ඔවුන් සඟවා ඇති බව කියන වත්කම් සොයා ගැනීම සඳහා විදේශ රටවල් 4ක් සහය ලබාදෙන්නේයැයිද විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

එම රටවල බුද්ධි සේවා දැනට අනුමාන කර ඇති පරිදි රාජපක්ෂ පවුල සතු වත්කම රුපියල් බිලියන 18ක් පමණ වන බවත්, එතරම් මුදලක් ලංකාවේ ‍අර්ථ සාධක අරමුදලේ ද නැති බවත්, සමරවීර මහතා සඳහන් කරයි.

බැංකුවකට ගිහින් සල්ලි ගන්නවා වගේ මෙය එකවර කළ නොහැකි බවත්, මේ සඳහා දීර්ඝ කාලයක් යන බවත්, පැවසූ මංගල සමරවීර මහතා ඒකාධිපති පාලනයක් ගෙන ගිය ඇතැම් නායකයින්ගේ විදේශ රටවල සතු වත්කම් තවදුරටත් එම රටවල් විසින් සොයන බවත් කියා සිටියේය.

“රත්තරන්ලා, ඩිලාන්ලා කෑ ගැහුවාට මේ රටේ වංචා දූෂණ පිටුපස ඉන්නේ රාජපක්ෂ පවුල” යැයිද එහිදී මංගල සමරවීර මහතා පවසා තිබේ.

– අද  දෙරණ

Archive

Latest news

Related news