Friday, April 26, 2024

මහින්ද-මෛත‍්‍රී හමුව මුළුමනින්ම අසාර්ථකයි – වෙල්ගම

ජනාධිපති මෛත‍්‍රිපාලසිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පැවති සාකච්චා අසාර්ථක බව ඊට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
මේ බව වාර්තා කරන්නේ විමල් විරවංහගේ සී නිව්ස් වෙබ් අඩවිය යි

එම සාකච්චාවේ ප‍්‍රගතිය සම්බන්දයෙන් මාධ්‍ය හමුවේ අදහස් පල කරමින් මන්ත‍්‍රිවරයා කියා ඇත්තේ රටම බලා සිටිනා අගමැති අපේක්‍ෂක ධුරය සම්බන්ධයෙන් සෑහීමකට පත් විය හැකි පිළිතුරුක් ජනාධිපති සිරිසේන පාර්ශවයෙන් නොලැබුනු බවයි.

සාකච්චාව සඳහා මෛත‍්‍රි පාර්ශවය වෙනුවෙන් සහභාගී වීමට නියමිතව සිටි අනුර යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත, ඩිලාන් පෙරේරා වෙනුවට රාජිත සේනාරත්න එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන, දුමින්ද දිසානායක වැනි දැඩි මහින් විරෝධීන් අය සහභාගී වීමෙන් පෙන්නුම් කරන්නේ මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති දැඩි විරෝධය යයිද මහින්ද හිතවාදී පිලේ මන්ත‍්‍රිවරු කියන බව එම වෙබ් අඩවිය වාර්තා කරයි.

එම තිදෙනාම ජනාධිපතිවරණයට පෙර ශ‍්‍රිලනිපය බිඳගෙන මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය පල කිරීමට එක් වූ අය වන අතර සාකච්චා සාර්ථක කර ගැනීමේ උවමනාවක් ශ‍්‍රිලනිප නායකත්ව පාර්ශවයේ නොතිබූ බව ඉන් පෙන්නුම් කරන්නේ යයිද විරවංශ වෙබ් අඩවිය කියයි.

එකමුතුවක් සඳහා අවංක ඕනෑකමක් පෙන්නුම් නොකරන බවද මේ වැඩපිලිවෙල අසාර්ථක වන බවත් තමන් හදිසියේ සාකච්චා මේසයෙන් ඉවත් කිරීම ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා සිය සමීපතයින් හා අදහස් පල කරමින් පවසා ඇතැයි ද එය කියා සිටී.

මෙම සාකච්චාවේදී මහින්ද පාර්ශවවෙන් ඉල්ලීම් පහක් ඉදිරිපත් වී ඇති අතර ඉන් එකඟ වී ඇත්තේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය නතර කිරීමට බව එම වෙබ් අඩවිය වාර්තා කරන නමුත් එවැනි එකඟතාවයක් ඇති නොවූ බව ජනාධිපති අංශය කියා සිට තිබේ.

මහ මැතිවරණයේදී අගමැති අපෙක්ෂකත්වය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීම, මහ මැතිවරණය පෙර පළාත් පාලන ආයතන විසුරුවා හැර ඒවා එජාපය අතට පත් නොකිරීම, අගමැතිවරයාගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය අහෝසි කිරීම, මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරග කිරීම එම ඉල්ලීම් වූ බව ද වාර්තා වේ.

Archive

Latest news

Related news