Thursday, March 28, 2024

රාජපක්ෂ වහලුන් එපා කී දිල්රුක්ෂි ඩයස් ජනාධිපති විශේෂ කාර්ය බලකායටත්

( දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ජනපති සිරිසේන; පුස්තකාල ජායාරූපයකි)

රාජ්‍ය වත්කම් ආපසු ලබා ගැනීම පිළිබඳ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කෙරේ. එහි සාමාජික සාමාජිකාවන් සඳහා පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි. මෙම කාර්ය සාධක බලකායට පසුගිය දා රාජපක්ෂ වහලුන් 114 දෙනෙකු විසින් අල්ල්ස් සහ දූෂණ කොමිසමෙන් ඉවත් කරන ලෙස පෙත්සමක් අත්සන් කළ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ද පත් කර තිබේ.

සාමාජික සාමාජිකාවන් 13 දෙනෙකුගෙන් මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය සමන්විත අතර බිම්බා තිලකරත්න, එච්.එම්.එල්.ටී. මුදලිගේ, එච්.අමරතුංග, සී.ඒ.එච්.එම්. විජේරත්න, ඒ.කේ.ඩී.ඩී.ඩී අරන්දර, එල්.එස්. පතිනායක, දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, කල්‍යානි දහනායක, ජගත් පී. විජේවීර, ඩී.ජී.එන් ජයවර්ධන, සී.ඒ. ප්‍රේමශාන්ත, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ යන මහත්ම මහත්මීන් එහි සාමාජික සමාජිකාවන් වෙති.

ඇසුර නිව්ස්ඩෙිට්එල්කේ

Archive

Latest news

Related news