Tuesday, July 16, 2024

යුදහමුදාව අල්ලාගෙන සිට වළිකාමම් උතුරෙහි ජනයාට මෑත දුන් ගේදොර ත්ත්වය මෙන්න

දෙමළ ජාතික සන්ධානයේ පාම එම්. සුමන්දිරන් මැතදී යුද හමුදාව අල්ලාගෙන සිට ඒවායේ මුල් පදංචිකරුවන්ට නොබෝදා ලබා දුන් ඉඩ කඩම් සහ ගේදොර ද ඒවායේ පදංචිකරුවන්ද හමුවට ගිය බව දෙමළ ජාතික සන්ධානය පුවත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවාස කිසිසේත්ම යලි පදංචි විය හැකි තත්වයක නැති බවත් ඒවායේ පියස් සහ දොර ජනෙල් ගලවාගෙන ගොස් ඇති බවත් එම නිවේදනය ජයාරූප සාක්ෂි මගින් පෙන්වා දෙයි.

විසිවසරක් පුරා සිය ගේ දොර අහිමිව සිටි මෙම ජනයාට යළි පදිංචි වී සිය ජිවිකාව කරගෙන යා හැකි පරිදි අරමුදල් සපයන ලෙසත් යුද හමුදාව විසින් අල්ලා ගෙන සිටින අනෙක් ඉඩම් වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසත් දෙමළ ජාතික සන්ධානය ආන්ඩුවෙන් ඉල්ලා සිටී.

එම පෙදෙසෙහි සැබෑ තත්වය පෙන්වන ජායාරෑප පහත පළවේ.

විනාහ කළ දෙමළ ජනයාගේ ගේ දොර
විනාහ කළ දෙමළ ජනයාගේ ගේ දොර
නිදහස් නොවූ ජිවිතය
නිදහස් නොවූ ජිවිතය
විනාශයක තරම
විනාශයක තරම

 

Archive

Latest news

Related news