Friday, April 26, 2024

“මම සුදු රෙදි ඇඳලා හිටියට මිනීමරුවෙක්” – බස්නාහිර මහ ඇමැති

“තුන්වන සැරේටත් මමයි මහ ඇමති. තොගෙ කලිසම ඔලුවෙන් ගලවනවා බලාගනින්. තොගේ පැන්ෂන් එකටත් කෙලවල තමයි මම පස්ස බලන්නේ. තෝ දැනගනින් මම සුදුරෙදි ඇදලා හිටියට මිනීමරුවෙක්” යැයි පවසමින් බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා තමන්ට ඉතා පරුෂ වචනයෙන් බැන වැදුනු බව බස්නාහිර පළාත් සභාවේ සැලසුම් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එස්.එස්. අටුලුගමගේ මහතා ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා තිබේ.

මෙලෙස බැනවැදීමට පාදක වූ 2014 අතුරු සමිමත මුදල්වලින් ව්‍යාපෘති අනුමත කරන ලෙසත් ආණ්ඩුපක්ෂයේ එක් මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 15 බැගින් මැතිවරණ ඉලක්ක කරගෙන ව්‍යාපෘති සඳහා මුදල් ලබා දෙන ලෙසත් කරන ලද දැන්වීම සම්බන්ධයෙන් ජවිපෙ පළාත් සභා මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අද (18) පළාත් සභාවේදී ප්‍රශ්න කර තිබේ.

අටුලුගමගේ මහතා විසින් එසේ දන්වන ලද ලිපිය පහතින් පළ වේ. එහි ඉතා පරුෂ වචන ඇති බව සලකන්න. ( ලංකා ට්රුත්)

ආඅ

Archive

Latest news

Related news