Friday, April 26, 2024

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපයේ අයට බාධා කළේ වීරවංශලා – කල්‍යානන්ද පෙර්රා

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපය විසින් පත්‍රිකාවක් බෙදමින් සිටියදී ඊයේ දිනයේ (18) නුගේගොඩ නගරයේදී ප්‍රහාරයට ලක්විය. ‘යක්ෂාගමනයට පෙර විමල් වීරවංශට සහ වාසුදේවට ප්‍රශ්න කිහිපයක්‘ යනුවෙන් සඳහන් ප්‍රතිකාවක් බෙදමින් සිටියදී එම සංගමයේ සාමාජිකයන් දෙදෙනෙකුට සහ සාමාජිකාවකට තර්ජණය කර පහර දී ඔවුන් සතු පත්‍රිකා පැහැරගෙන ඇත.

මෙහිදී පහරකෑමට ලක්වූ කල්‍යානන්ද පෙරේරා මහතා එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපයේ අපි ලීෆ්ලට් එකක් මුද්‍රණය කරල තිබුණා. ඒකෙ මාතෘකාව වුණේ විමල් වීරවංශ සහ වාසුදේව පිළිතුරු දියයුතු ප්‍රශ්න දහයක් කියලා. ජාතික වශයෙන් සිද්ධ වෙච්ච අපරාධ සම්බන්ධයෙන් විස්තර සහිත පත්‍රිකාවක්. පසුගිය රාජපක්ෂ පාලන සමයේ මැතිවරණ කටයුතු වෙනුවෙන් භාවිතා කරපු බස් වෙනුවෙන් ලංගමට රුපියල් කෝටි 150 ක් දෙන්න තියෙනවා. රූපවාහිනී සංස්ථාවට දැන්වීම්වලට කෝටි 50 ක් දෙන්න තියෙනවා. හෙලිකොප්ටර්වලින් ගිය ගමන්වලට මුදල් දෙන්න තියෙනවා. ආණ්ඩුවේ ආයතනවලට හිමි වියයුතු විශාල මුදල් ප්‍රමාණයක් තියෙනවා. මේ වගේ කරුණු සහිත පත්‍රිකාවක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපයේ සාමාජිකයන් බෙදමින් සිටියේ.

උදේ 08.00 විතර පටන් ගත්තා. උදේ 09.15 වගෙ වෙනකොටත් අපි පත්‍රිකා බෙදමින් සිටියා නුගේගොඩ බෝගහ ළඟ. එතකොට ම පස්දෙනෙක් විතර ඇවිල්ල මගේ පත්‍රිකා ටික උදුර ගත්තා. මම ඇහුවා මොකද උදුරන්නෙ, ඇයි මොකක්ද ප්‍රශ්නෙ කියලා. අපි වැරදි දෙයක් නෙවෙයි කරන්නෙ. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඔයාලටත් තියෙනවා, අපිටත් තියෙනවා කියල කිව්ව. එතකොට ආ එහෙම බෑ, අපේ රැස්වීම තියෙනවා, මෙතන බෙදන්න දෙන්න බෑ කියල කිව්ව. මම ඇහුව එතකොට බෙදුවොත් මොකද වෙන්නෙ කියලා. එතකොට ඒගොල්ලො කිව්ව බෙදුවොත් ගහනවා කියලා. මම ඇහුව ඔයගොල්ලොන්ට මොකක්ද තියන බලය අපිව නවත්තන්න කියලා. ඔවුන් කිව්ව අපි පොලීසියෙන් කියලා. නමුත් අපිට තේරුනා රැස්වීම සම්බන්ධයෙන් කතා කරපු නිසා ඒගොල්ලො අනිවාර්යයෙන් ම නුගේගොඩ තියෙන රැස්වීමෙ වැඩකරපු අය තමයි මෙතන්ට ආවෙ. ඒගොල්ලොන්ගේ කතාබහෙන් හැසිරීමෙන් ඒක තේරුණා.

එයාලට ඇරෙන්න වෙන කෙනෙකුට අවශ්‍ය නැහැ අපි කරපු දේට බාධා කරන්න. ඊට පස්සෙ එක පුද්ගලයෙක් මහත්තයෝ මේව වැරදි වැඩනෙ කියල මගෙ කම්මුල අතගාල කම්මුලට එකක් ගැහුව. ඒ වෙලාවෙ මට හිතාගන්න බැරිවුණා මොකක්ද මේ වෙන්නෙ කියලා. මේ අය විමල්ල ඇමතිකම් කරද්දිත් මේ වගේ දේවල් කළා. දැන් පැරදිලා බලය නැතිව ඉඳිද්දිත් මේ වගේ බලපෑම් කරන්නෙ කොහොමද කියල හිතාගන්න බැහැ. ඊට පස්සෙ එතන හිටපු පොලිස් නිළධාරියෙකුට මේ සිද්ධිය කිව්ව. එතකොට අර පුද්ගලයන් යන්න ගියා. පොලිස් නිළධාරියා දෙන්නෙක් අල්ලගත්ත. ඒ දෙන්න නුගේගොඩ පොලිස් මුරපොළට අරගෙන ගියා. එතනදී මම සිද්ධිය පිළිබඳව පොලීසියට පැහැදිලි කළා. ඉන් පසුව මට කිව්ව මිරිහාන පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන්න කියල. මම පොලීසියට ගිහිල්ල පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළා.

මට හිතාගන්න බැරි දේ තමයි විමල් වීරවංශලා බලය නැතිව මෙහෙම කටයුතු කරනව නම් බැරිවෙලාවත් ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයෙන් ජයගත්ත නම් අපිට මොනව කරයිද කියලා. බලයෙන් මත්වෙලා ඉඳල එකපාරට බලය නැතිවෙලත් ඔවුන් කටයුතු කරන්නෙ තවමත් තමන්ට බලය තියෙනව කියල හිතාගෙන.
LNW

Archive

Latest news

Related news