Thursday, March 28, 2024

නැගෙනහිර මිලිටරි ආණ්ඩුකාරවරයා වෙනුවට ඔස්ටින් ප්‍රනාන්දු

(නැඟෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද ඔස්ටින් ප්‍රනාන්දු මහතා)

නැඟෙනහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, උතුරු සහ ඌව පළාත් 06 සඳහා ද නව ආණ්ඩුකාරවරු පත් කොට ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නැඟෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස ඔස්ටින් ප්‍රනාන්දු, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස බී.එම්.ඒ.ආර්. පෙරේරා, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සුරංගි එල්ලාවල, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස එච්.එම්.ඩී.එස්. පලිහක්කාර, උතුරු මැද ආණ්ඩුකාරවරයා ලෙස පී.බී. දිසානායක සහ ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නීතිඥ එම්.පී. ජයසිංහ මහත්ම මහත්මීහු පත් කොට තිබේ.
මෙයට පෙර බස්නාහිර, දකුණු හා වයඹ පළාත් සඳහා ජනාධිපතිතුමන් විසින් ආණ්ඩුකාරවරුන් පත් කරන ලදී. ඒ අනුව දිවයිනේ පළාත් නවය සඳහා ම ආණ්ඩුකාරවරු නවදෙනෙකු නව රජය විසින් පත්කරනු ලැබ සිටී.

2015 ජනවාරි 08දා පැවති ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපති විසින් පත් කරන ලද සියලු ආණ්ඩුකාරවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීමෙන් ඇති වී පුරප්පාඩු සඳහා නව ආණ්ඩුකාරවරු පත් කරන ලදී.

– රජයෙ නිල පුවත් වෙබ් අඩවියෙනි

නැගෙනහහිර ආණ්ඩුකාර වරයා වශයෙන් පත් කර ඇති ඔස්ටින් ප්‍රනාන්දු මහතා හිටපු සිවිල් සේවකයකු වන අතර 2002 – 2004 සමයේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයා විය.

Archive

Latest news

Related news