Tuesday, April 23, 2024

රාජපක්ෂ දුරාචාරයේ කැඩපතක්: කුඩු ලාල් කතා කරයි

පසුගිය දිනෙක ලක්බිම පුවත් පතෙහි පළ වූ මෙම සාකච්ජාව රාජපක්ෂ ශ්‍රී ලංකාවේ දේශපාලන යතාර්ථය පිළිබඳ කැඩ පතක් වන්න.

කුඩු ජාවාරම පිළිබඳ චෝදනා නිසා කුඩු ලාල් යන නම් පටබැදුණූ කොළඹ නගර සභාවේ හිටපු නිගරික මංත්‍රීවරයකු වන ලාල් පිරිස් දැන් ජිවත් වන්නේ එංගලන්තයේ ව්‍යාපාරිකයකු ලෙස ය.

තමාට රාජපක්ෂ ජනාධිපති සමඟ වු සම්බන්දකම් ද එමගින් ලද ආරක්ෂාව ද කුඩු ලාල් මෙහෙලා විස්තර කරන්නේ සාමාන්‍ය සිදුවීම් ලෙස ය.

තමාට 2010 මැතිවරණයේ දුමින්ද සිල්වාට වැඩ කරන ලෙස රාජපක්ෂ උපදෙස් දුන් බවත් කුඩු ලාල් කිය යි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතාට පොලිස් ආරක්ෂාව ලබා දීමට ආරක්ෂක ලේකම්ගේ නියෝගයක් අවශ්‍ය යැයි කියු රාජපක්ෂ ආන්ඩුව කුඩු ලාල්ට ඇමැති ආරක්ෂක අංශයෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ලබා දුන්නේ ය. ඒ ඔහු රාජපක්ස හමු වී ශ්‍රීලනිපයට බැදුණු දවසේ සිට ය.

තමාගේ ලේකම් සුදු වැන් කලිල්ය උස්සා මරා දැමූ බවත් තමා එංගලන්තයේ දී රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම නිසා රාජපක්ෂ ආණ්ඩුව තමාට එරෙහිව ඉන්ටපෝල් පොලිසියෙන් අන්තර් ජාතික රතු නිවේදනයක් නිකුත් කල බවත් ලාල් පිරිස් කිය යි.

එපමණක් නොවේ. තමා දැන් නැවත ශ්‍රී ලංකාවට ගොස් යූඇන්පියෙන් දේශපාලනය කිරිමටට අදහස් කරන බව ද ලාල් පිරිස් කියයි.

කුඩු ලාල්ගේ කතාව රාජපක්ෂ මේ දිනවල රඟපාන අහිංසක චරිතයට මඩ තලියකි

(ලක්බිම පුවත්පත අයිතිකරු වන තිලංග සුමතිපාල දුමින්ද සිල්වාගේ සතුරකු වන බැවින් දුම්න්ද සිල්වා සමඟ පාතාලයේ සටන් වැදුණූ ලාල් පිරිස්ට මෙම අවස්ථාව ලබා දෙන්නට ඇතැයි අනුමාන කළ හැකි ය.)

මේ ලාල් පිරිස් ගේ කතාවෙන් උපුටා ගත් කොටස් ය:

2006 වසරේදී ඉටිපන්දම් ලකුණින් ස්වාධීනව තරග කරල මම කොළඹ මහ නගර සභාවට තේරුණා. ඡන්ද 12000 කට වැඩිය ගත්තා. මම එම ඡන්ද සටන කරගෙන ගියේ එංගලන්තේ ඉඳන් ටෙලි ෆොන් එකෙන්. ඒ පාර එක්සත් ජාතික පක්යේ නාම යෝජනා ප්‍රතික්‍ෂේප වෙච්ච නිසා එයාල සහය දුන්නේ කණ්ණාඩියෙන් ඉල්ලපු කණ්ඩායමට. දිනුවේ ඒ අය. 2006 වසරේදී ඒ අයව ජනාධිපතිතුමා ළඟට ගෙනිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අරන් දුන්නේ මමයි. එදා මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගත්තා. අරලිය ගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අතින්මයි සාමාජිකත්වය ගත්තේ.
2009 වසරේදී ශ්‍රී ලංකා එකෙන් පළාත් සභා ඡන්දෙ ඉල්ලන්න මගේ බලා‍පොරොත්තුවක් තිබුණා. මට චිට් එක දෙනව කියලත් තිබුණා. ඒ නිසා මම නාමයෝජනා දෙන්න ඉස්සරින්ම ‍පෝස්ටර් ගැහුවා. දුමින්ද මන්ත්‍රීතුමත් පළාත් සභාවට ඉල්ලන නිසා එයත් කල්තියා ‍පෝස්ටර් ගහන්න ගත්තා. අපි දෙපාර්ශ්වය අතර ‍පෝස්ටර් ගහන්න ගිහින් ප්‍රශ්න ඇති වුණා. අන්තිමට ජනාධිපතිතුමා කිව්වා “මේ පාර ලාල් ඉන්න දුමින්දට උදව් කරන්න” කියල. ඒත් මම දුමින්දට වැඩ කළේ නැහැ. මම නිහඬව හිටියා.

ඡන්දෙන් පස්සේ මට තොරතුරු ලැබෙන්න ගත්තා මාවයි මගේ බිස්නස්වලට සහය දෙන මගේ ‍ලේකම් තිස්සවයි මරන්න හදනව කියල. දේශපාලන උවමනාවක් මතයි මේ දේවල් වෙන්නේ කියලත් තොරතුරු ලැබුණා. ඒත් මම ඒවා ඒ තරම් විශ්වාස කළේ නැහැ. ඔය අතරේ තමයි ආමි එකේ මම දන්න මහත්තයෙක් 2009 ජූලි 25 වෙනිදා මට කිව්වා “ඔයා ලංකාවෙ ඉන්න එපා. අද හෙටම ඔයාව මරන්න යන්නේ” කියල. ඒ ආමි එකේ මහත්තයා බුද්ධි අංශයේ වැඩ කරපු ඉහළ නිලධාරියෙක්. කොළඹ ලොජ්වලට එන දෙමළ අය ගැන මම එයාට හොයල තොරතුරු දීල තිබුණා. ඒ නිසා මට තියෙන හිතවත්කමටයි ඔහු මට ලංකාවේ ඉන්න එපා කියල අනතුරු ඇඟෙව්වේ.

ඒ වෙනකොට මට එම්.එස්.ඩී. එකේ දෙන්නෙක් ගාඩ් එකට දීල තිබුණා. මට ‍පොලිස් ගාඩ් එකක් ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගත්තු දා ඉඳලයි. හමුදාවේ මහත්තයා කිව්වා “ගාඩ් තිබුණට වැඩක් නැහැ. ඒ අය ඔයාව මරනව” කියල. ඒකට ඉහළින් අනුමැතිය ලැබිල කියලත් කිව්වා. දේශපාලනඥයෙකුගේ උවමනාවකට මේ දේ සිදුවන බවත් කිව්වා. ඒ නිසා ඇති වෙච්ච බයට මම මර්වින් සිල්වා ඇමැතිතුමාට ඒ ගැන කිව්වා.

මර්වින් ඇමැතිතුමා ඒ වෙලාවේ මට කිව්වා “ඔය කවුරුවත් මට විශ්වාස කරන්න බැහැ. ජනාධිපතිතුමන් විතරයි විශ්වාස. ඒ නිසා උඔ කැමති දෙයක් කරපන්” කියල. ඒ අනුව තමයි මම රටින් යන්න තීරණය කළේ. 25 වෙනිදා රෑම මම රට ගමන සූදානම් කරගෙන මර්වින් ඇමැතිතුමාට කතා කරල කිව්වා. 26 වෙනිදා පාන්දර ජාමේ මම හිටපු තැනට ඇමැතිතුමා ඇවිත් ආරක්ෂාකාරීව මාව එයා‍පෝට් එකට එක්කරගෙන ගියා.

මර්වින් සිල්වා ඇමැතිතුමා එයා‍පෝට් එකට මාව එක්කරගෙන ගියේ මගේ ආරක්ෂාවටයි. මම එංගලන්තයට ඇවිත් මාසයක් යන්නත් පෙර මගේ ‍ලේකම් තිස්සව සුදු වෑන් එකෙන් පැහැරගෙන ගිහින් හොඳටම දසවධ දීලා වෙඩි තියල මරල දාල තිබ්බා.

2010 ජනාධිපතිවරණයේදි මට පණිවුඩයක් එවල තිබුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට වැඩ කරන්න එන්න කියල. ඒත් මම ලංකාවට ආවේ නැහැ. “ලාල් පදනම” කියල මට සංවිධානයක් තිබෙනව. එකේ තරුණ තරුණියන් 8000ක් සාමාජිකත්වය අරගෙන තිබෙනව. ඒ අයගේ සහය එවර මම ලබාදුන්නේ ජෙනරාල්ට. ඒත් එයා පැරදුනාම නැවත මම ලංකාවට එන එක අතහැරල දැම්මා.

ඔය කියන රතු නිවේදනය මට විරුද්ධව නිකුත් වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස නමෛයි. මුදල් වංචාවක් සම්බන්ධයෙන්. එම වංචාවත් මාව පටලවපු එකක්. මගෙන් පලිගැනීමට. ඔය කියන රතු නිවේදනය ගැනදැනගත්තම මම අන්තර්ජාලයෙන් ඒ ගැන සොයා බැලුව.

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයයි, රවි කරුණානායක ඇමැතිතුමයි 2011 අවුරුද්දේ අන්තිම මාස කිහිපයේ දවසක මට මුණගැසුනා එංගලන්තෙදී. එම මුණගැසීම සිදුවුණේ අහම්බෙන්. එංගලන්තේ හෝටලයකට මම යන විට ඒ දෙන්න කොරිඩෝවේ හිටිය. මම ඒ අය එක්ක කතාකළා. මට වෙච්ච දේවල් කිව්ව. විනාඩි පහකට හයකට වඩා කතා කරන්න හම්බවුණේ නැහැ.

මමයි ඒ අයයි කතා කරපු එක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට ආරංචි වෙලා. ඒ දවස්වල රනිල් මහත්තයා විපක්ෂ නායක. එතුමාව ඒකට අල්ලගෙන හොඳටම විවේචනය කළා.

ඒ සිද්ධියට පස්සෙ තමයි මාව හොයාගෙන ‍පොලීසිය ලංකාවේ ගෙදරට ඇවිත් තියෙන්නේ. ගෙවල් චෙක් කරල, ගෙවල්වල හිටපු අයට තර්ජනය කරල තිබුණා. ‍පොලීසියේ කියාගත්තු අය තමයි ඇවිත් තිබුණේ. 2012 වසරේ සී.අයි.ඩී.යෙන් ඇවිත් මගේ නෝනගේ නංගිලා දෙන්නව හතරවෙනි තට්ටුවට අරගෙන ගිහින් කාගේදෝ අයිඩෙන්ටියක් පෙන්නල ඒකෙ ඉනේ මම කියල අත්සනක් අරගෙන. පස්සේ තමයි මට විරුද්ධව උසාවියට බි.රි‍පෝට් එකක් දාල තියෙන්නේ මුදල් වංචාවකට මම සම්බන්ධයි කියල. රතු නිවේදනයක් නිකුත් කරල තියෙන්නේ ඒකටයි. 2004 වසරේ වුණා කියන ඒ සිද්ධිය ගැන හොයන්නේ 2012 වසරෙයි. මම චෝදනාවක් මතෛක් කාලයකට එල්ලවුණා නම් ඒක විතරයි.

ඔව් මම එනව. මගේ නීතිඥවරු අවශ්‍ය කටයුතු කරයි. මම සී.අයි.ඩී. යේ නිලධාරීන්ට දොස් කියන්නේ නැහැ. ඒ අය කරන්නේ ඒ අයට නියෝග ලැබෙන දේවල්. මම ඒ ඇවිල්ල ආයිමත් දේශපාලනය කරනව. යූ.එන්.පියෙන් කොළඹ නගර සභාවට තරග කරනව. යූ.එන්.පියෙන් අවස්ථාව හම්බ වුණේ නැත්නම් ස්වාධීනව තරග කරනව.

Archive

Latest news

Related news