Monday, May 6, 2024

පීරිස් ගෙදර;ශිරාණි බණ්ඩාරනායක යළිත් අගවිනිසුරු (ජායාරෑප)

දෝෂාභියෝග යෝජනාවක් මගින් ධුරයෙන් පහ කෙරුණ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, යළිත් අගවිනිසුරුවරිය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරනු ලැබ තිබේ.

පත්වීම ලැබීමෙන් පසුව අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයට පිවිසි ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චයකාරවරිය නීතිවේදීන් සහ රැස්ව සිටි ජනතාව විසින් උණුසුම් ආකාරයෙන් පිළිගනු ලැබිණ.

පසුව සිය නිල කාමරයට පිවිසි අගවිනිසුරුවරිය සිය වැඩ කටයුතු ආරම්භ කළාය.

හිටපු අග්‍රවිනිශ්චයකාර මොහාන් පීරිස් ඉවත් කොට නැවත ශිරාණි බණ්ඩාරනායක නැවත පත්කිරීමේ පුවත මාධ්‍යවේදීන්ට නිවේදනය කළේ ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ එකමුතුවේ කැඳවුම්කරු නීතිවේදී ජේසි වැලිඅමුණ විසින්.

“හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉවත් කළ දෝශාභියෝග චෝදනා විශේෂ යෝජනාවක් මගින් පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුයි. එහෙත් අදාළ යෝජනාව නිසි ආකාරයෙන් එදා සම්මත වී නොමැති බවට ජනාධිපති තුමාට නීති උපදෙස් ලැබී තිබෙනවා,” යනුවෙන් නීතිඥ වැලිඅමුණ සඳහන් කළේය.

“ඒ අනුව අග්‍රවිනිශ්චයකාරවරියව සිටි ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ධුරය හිස් වන්නේ නැහැ. එසේනම් මොහාන් පීරිස් විනිසුරුවරයාට එම ධුරය දැරීමට හැකියාවක් නැහැ. ඒඅනුව ශිරාණි බණ්ඩාරනායක නැවත එම ධුරයට පත්කර තිබෙනවා,” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

හෙට බ්‍රහස්පතින්දා ධුරයෙන් විශ්‍රාම ගන්නා බව අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක දැනුම් දුන්නේ යයි මේ අතර ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ සභාපති උපුල් ජයසූරිය සඳහන් කරයි.

මේ අතර හිටපු අගවිනිසුරුවරයාට එරෙහිව බදාදා පෙරවරුවේ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පැවැත්විණ.

– බීබීසී සිංහල

අද පැවැති උද්ඝෝෂනයේ සහ අගවිනසුරුවරිය පැමිණිමේ ජයාරූඵ සන්ඩේ ටයිම්ස් පුවත් පතිනි

SRI LANKA-POLITICS-JUSTICESC-3SC-4

Archive

Latest news

Related news