මන්නාරම: අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීම් තුනක්

371

(මන්නාරමේ විරෝධතාවය)

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ඉල්ලීම් තුනක් මුල් කරගෙන අද 26 සඳුදා දින මන්නාරමදී දැවැන්ත සාමකාමි විරෝධතාවයක් පවතවන ලදී. මන්නාරම  සිවිල් සමාජ කණ්ඩායම විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

දේශපාලනික සිරකරුවන්ව නිදහස් කරන ලෙසත්, අතුරුදහන්වූවන් හා පැහැරගැනීමට ලක්වූවන්ව සොයා දෙන ලෙසත්, තිරුකේදීස්වරම් සමූහ මිනීවලේ විභාග කටයුතු කඩිනමින් පවත්වන ලෙසත් ඉල්ලා මෙම විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

26වන දින උදෑසන පැවැති විරෝධතාවයට සහභිගි වූ පිරිස්  කළු පැහැති රෙදි පටිවලින් මුහුණ වසාගෙන තම විරෝධය පළ කර අතර   මන්නාරම සිවිල් සමාජ කන්ඩායමේ  උප නායක අන්දෝනි සකායම්, මන්නාරම සාම ව්‍යාපාරයෙහි නායක පි.ඒ. අන්දෝනි මාර් ඇතුළු බොහෝ දෙනෙකු සහභාගිවී සිටි බව ග්ලෝබල් ටැමිල් පුවත් වාර්තා කරයි.

මන්නාරමේ විරෝධතාවය
මන්නාරමේ විරෝධතාවය