Friday, April 19, 2024

රන් ජාවාරම: ශිරන්ති රාජපක්ෂට එරෙහිව වාස් ගුණවර්ධන බිරිඳ අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වූ ශිරන්ති රාජපක්ෂට එරෙහිව  නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිලි කර තිබේ. තිබේ.

නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මේ වන විට සිටින්නේ මිනි මැරුමක් සම්බන්ධයෙන් සැක පිට රිමාන්ඩ් බන්ධනාගාරයේ ය.

ඇයගේ පැමිනිල්ලෙන් කියවෙන්නේ හිටුප ජනාධිපති රාජපක්ෂ බිරිද රුපයල් කෝටි 500ක  නිති විරෝධී රත්තරන් ගනු දෙනුවකට සම්බන්ද බවයි.

තම සැමියා රිමාන්ඩ බන්ධනාගාර ගත කර ඇත්තේ හිටපු ජනාධිපති ආර්යාව සම්බන්ධවූ රත්තරන් කිලෝ සියයක  හොර ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිය සැමියා කල වැටලීමට පලිගැනීමක් වශයෙන් බවත්  මෙම රන් තොගයේ වටිනා කම ලක්ෂ 5000ක් බවත් ඇය මාධ්‍ය හමුවේ පවසා තිබෙන බව ලංකා ඩෙලි වෙබ් අඩවිය වාර්තා තරයි.

මෙම ගනුදෙනුව ගැන හෙළි කිරීමට වැලැක්වීමට තම සැමියාටත් පවුලේ සියළු දෙනාටත් රාජපක්ෂවරුන්ගෙන මරණීය තර්ජන එල්ල වූ බවත් ඇය වැඩිදුරටත් පැවසා තිබේ.

මෙම රත්තරන් ජාවාරම පිළිබඳව මුල්වරට හෙළි කළ ‘ජනරළ’පුවත්පතට එම පුවත ලබා දුන්නේ කවරෙක්දැයි විශේෂයෙන් සොයා බලන ලෙස හිටපු ජනාධිපතිවරයා තම බුද්ධිඅංශ ප්‍රධානීන්ට නියෝග  කර තිබුණි.

එම නියෝගය ප්‍රකාරව ‘ජනරළ’ මුද්‍රණාලය වටලා එහි කතෘ චන්දන සිරිමල්වත්ත මහතාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ ද ඔහුගෙන් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වීය.

මේ අතරතුර මේ සම්බන්ධයෙන් තොරතුරු පලකළා යැයි සඳහන් වෙබ් අඩවි 2 ක් ලංකාවේ තහනමට ලක් විය. මින් එක වෙබ් අඩවියක කතෘවරයෙක් හට ජනාධිපතිවරයාගේ ඉහත කී පරීක්ෂණ කණ්ඩායම පවසා ඇත්තේ වෙබ් අඩවියේ තහනම ඉවත් කර ගැනීමට අවශ්‍යනම් මෙම පුවත ලබා දුන් පුද්ගලයා එළිදරව් කරන ලෙසයි. ඒ අනුව එකී වෙබ් කතෘවරයා විසින් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ නම සඳහන් කොට ඇත.
ඉන් පසුව  ව්‍යාපාරික සියාම් ඝාතන චෝදනව යටතේ ගුණවර්ධනව අත් අඩංගුවට ගැනිණි.

මේ සිදුවීම සම්බන්ධයෙන් එවකට ජනරළ පුවත්පතේ පලවූ වාර්තාව
 
රන් ජාවාරම පිටුපස ආර්යාවක් !
 
රුපියල් කෝටි 500 ක රත්තරං වංචාවට ආණ්ඩුවේ ඉහළම පුද්ගලයෙකුගේ භාර්යාවක් සම්බන්ධ බවට තොරුතුරු අනාවරණය වෙමින් තිබේ. එම හේතුව මත අදාළ පොලිස් පරීක්‍ෂණ යට ගැසීමට ඉහළම පුද්ගලයාගේ බලපෑම් එල්ල වෙමින් තිබෙන බවද වාර්තාවේ.

පසුගිය 05 වන දින වංචනික ලෙස රුපියල් කෝටි 500 කට රත්තරං කිලෝ 100 ක් අලෙවි කිරීමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත් 11 දෙනා අතර සිටින හිටපු ටෙස්ට් උප නායක රෝයි ඩයස් මහතාගේ බිරිඳ වන සඳමාලි තරංගා ඩයස් මහත්මිය සහ විශ‍්‍රාමලත් සහකාර පොලිස් අධිකාරී ආර්.එස්.බී. රණසිංහ යන අයවලූන් එම ප‍්‍රබල කාන්තාවගේ හිතවතුන්ය.

සඳමාලි තරංගා ඩයස් මහත්මිය ඉහත කී ප‍්‍රබල කාන්තාවට අයත් ප‍්‍රසිද්ධ පෙර පාසලේ කටයුතුවලටද ඍජුව මැදිහත් වන්නීයකි.

සහකාර පොලිස් අධිකාරී ආර්.එස්.බී. රණසිංහ මහතා එකී ප‍්‍රබල කාන්තාවගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කර තිබේ.

මෙම හිතවත්කම් පදනම් කර ගනිමින් රත්තරං වංචාවට අදාළ පරීක්‍ෂණ යට ගැසීමට උත්සාහ දරමින් සිටින බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග අවධාරණය කර සිටී.

මෙම රත්තරං තොගය ශී‍්‍ර ලංකා මහ බැංකුව සතු සංචිතයෙන් සහන මිලට ලබාගත් ඒවා බවට ප‍්‍රකාශ වී තිබුණද එය එසේ නොවන බවත්, යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ උතුරේ ජනතාව සතුව තිබී ආණ්ඩුව අත්පත් කර ගත් ඒවා බවත් වැඩිදුරටත් අනාවරණය වී ඇත.

– ජනරළ

Archive

Latest news

Related news