Thursday, April 18, 2024

නව ඇමැති මඩුල්ල දිව්රුම් දෙයි, අධ්‍යාපනය අකිලට, ජනමාධ්‍ය ගයන්තට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද නව ඇමැති මණ්ඩලය අද සවහ ජනාදිපති කාර්යාලයේ දී දිව්රුම් දුන්නේ ය.

ජනප්‍රිය සහ එජාප කාන්තා අහය බාරව සිටි  රෝසි සේනානායකට දි ඇත්තේ අමත්‍ය මණ්ඩලයට අයත් නැත රාජ්‍ය ඇමැති ධුරයකි. ඒ ළමා කටයුතු ය. තවත් වැදගත්ම අමාත්‍යාංශයක් වන මාධ්‍යට පත් කර ඇත්තේ ජනමාධ්‍ය සම්බන්ද කිසිදු අත්දැකීමත් නැති තවත් රනිල්වාදියකු වන ගයන්ත කරුණාතිලකය.

සජිත්  ප්‍රේමදස මෙන්ම ජනාධිපතිවරණයේ දි කිසිදු ජයග්‍රහණයක් නොපෙන්වූ රංජිත් මද්දුම බණ්ඩර සහ තලතා අතුකෝරළ යන සජිතවාදීන් දෙදෙනාටම   අමාත්‍යාංශ ලබා දි තිබේ. නිවාස සහ සමෘද්ධි යන ප්‍රබලතම අමාත්‍යිංශය සජිත් ප්‍රේමදාසට පිරිනමා තිබේ.

අමාත්‍ය මණ්ඩලය මෙසේ ය:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ – ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු

ජෝන් අමතුංග – මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියාන කටයුතු

ජෝශප් මයිකල් පෙරේරා – ස්වදේශ කටයුතු

ගාමිණී ජයවික්‍රම පෙරේරා – ආහාර සුරක්ෂිතාව

මංගල සමරවීර – විදේශ කටයුතු

කරු ජයසූරිය – බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන සහ යහ පාලනය

ලක්ෂ්මන් කිරිඇල්ල – වැවිලි කර්මාන්ත

රවී කරුණානායක – මුදල්

රවුෆ් හකීම් – නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන

චම්පික පාඨලී රණවක – විදුලිබල හා බලශක්ති

රාජිත සේනාරත්න – සෞඛ්‍ය

දුමින්ද දිසානායක – වාරිමාර්ග

කබීර් හෂීම් – මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන

එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන – ඉඩම්

සජිත් ප්‍රේමදාස – නිවාස හා සමෘද්ධි

විජේදාස රාජපක්ෂ – අධිකරණ

ගයන්ත කරුණාතිලක – ජනමාධ්‍ය

නවීන් දිසානායක – සංචාරක

අර්ජුන රණතුංග – වරාය හා නාවික

ඩී.ඒ.ස්වාමිනාදන් – නැවත පදිංචිකිරීම්, ඉදිකිරීම් හා හින්දු කටයුතු

අකිල විරාජ් කාරියවසම් – අධ්‍යාපන අමාත්‍ය

තලතා අතුකොරළ – විදේශ රැකියා

රිෂාඩ් බදුයුදීන් – කර්මාන්ත හා වාණිජ

පී. හැරිසන් – සමාජසේවා හා සුබසාධන

රංජිත් මද්දුම බණ්ඩාර – අභ්‍යන්තර ප්‍රවාහන

චන්ද්‍රාණි බණ්ඩාර – කාන්තා කටයුතු

 

රාජ්‍ය අමාත්‍යවරු

නන්දිමිත්‍ර ඒකනායක – සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය

රාධා ක්‍රිෂ්ණන් – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

ෆයිසර් මුස්තෆා – ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය

පාලිත රංගේ බණ්ඩාර – විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය

දිලිප් වෙදආරච්චි – ධීවර රාජ්‍ය අමාත්‍ය

රෝසි සේනානායක – ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය

රජීව විජේසිංහ – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

රුවන් විජේවර්ධන – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

කේ. වේලායුධන් – වැවිලි හා කුඩා කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

නිරෝෂන් පෙරේරා – තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

චම්පික ප්‍රේමදාස – කර්මාන්ත හා වාණිජ

හර්ෂද සිල්වා – ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික කටයුතු

එරාන් වික්‍රමරත්න – මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන

සුජීව සේනසිංහ – අධිකරණ

වසන්ත සේනානායක – සංචාරක

විජයකලා මහේෂ්වරන් – කාන්තා කටයුතු

අජිත් පී පෙරේරා – විදේශ කටයුතු

අනෝමා ගමගේ – වාරිමාර්ග

Archive

Latest news

Related news