Tuesday, April 23, 2024

මොහාන් පීරිස් පාප්තුමාගේ සංචාරයෙන් පසු ඉල්ලා අස්වෙයි; නැත්නම් අඛන්ඩ විරෝධතා

මොහාන් පීරීස් මහතා නීති විරෝධි ලෙස ලබා ගත් අගවිනිසුරු ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර යන ලෙස අද (12) උදෑසන නීතීඥ එකමුතුව අද (12) උද්ඝෝෂණයක් පවත්වන ලදී. කොළඹ අලුත් කඩේ උසාවිය ඉදිරිපිට පිවිසුම් මාර්ගය මෙම උද්ඝෝෂණකරුවන් විසින් වසා දමන ලදී.

මොහාන් පීරිස් ඉල්ලා අස්වීමෙන් පසු 43වන අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක එම තනතුරට පත් කැරෙනු ඇත.

උද්ඝෝෂනය පවතින තුරු අධිකරණයට නොපැමිණි මොහාන් පිරිස් ඉන් පසුව අලුත්කඩේ අධිකරණ සංකිර්ණයේ සිය කාර්යාල කාමරයට පැමිණ ඇතැයි දැන ගන්නට තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩ බාර ගැනීමේ අද පැවැති උත්සවයට නොපැමිනෙන ලෙස ජනාධිපති කාර්යාලයෙන් මොහාන් පිරිස්ට දන්වා තිබේ. ඔහු පැමිණ සිටියේ නැත.

ඉල්ලා අස්වීමේ ලිපියක් දීමට සූදානම් බවත් තමා ද බැතිමත් කතෝලියකු බැවින් පාප් වහන්සේගේ සංචාරයය අවසන‍් වනතුරු අගවිනිසුරු ධුරයේ රැදී සිටීමට අවස්ථාව දෙන ලෙස මොහාන් පිරිස් ජනාදිපති කර්යාලයට දන්වා ඇතැයි නීතිඥ ආරංචි මරිග පවසයි.

එසේ නමුත් 14 වන දින ඉල්ලා අස්වන බවට අත්සන් කරන ලද ලිපියක් අද මොහාන් පීරිස් විසින් ජනාධිපතිවරයාට බාර නොදෙන්නේ නම් හෙට එනම් 13වන දින සිට තමන් අඛන්ඩ විරෝධතාවයක් ආරම්භ කරන බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා එකමුතුවේ මූලිකයකු ශ්‍රී ලංකා බ්‍රීප් වෙත පැවැසීය.

නීතීඥ එකමුතුව හා සිවිල් සංවිධාන සමාජිකයෝ 250 ක් පමණ මේ අවස්ථාවට එක්ව සිටි බව ලංකාදිප වාර්තා කරයි.

DSC0111

Archive

Latest news

Related news