Friday, May 3, 2024

නව ජනපති මෛත්‍රී – මැතිවරණ කොමසාරිස්

(මැකො මහින්ද දේශප්‍රිය – තරඟයේ වීරයා යැයි ටවීට් ප්‍රජාවහදුන්වති)

මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙසින් බ්‍රහස්පතින්දා පැවැත්වුණු ජනපතිවරණයේ දී තේරී පත් වී සිටින බව මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනය කළේය.

කොළඹ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් නව ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ කොමසාරිස්වරයා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට තමන්ට සහාය දීම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂට ස්තුති කළේය.

එමෙන්ම ජයග්‍රහණයෙන් අනතුරුව සාමකාමීව හැසිරෙන මෙන් සිය ආධාරකරුවන් ගෙන් ඉල්ලා සිටීම පිළිබඳව කොමසාරිස්වරයා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහටද ස්තුති කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ හැරුණු විට ජනපති පදවියට තේරී පත් වී සිටින මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා ඇතුළු සියලු අපේක්ෂකයෝ මාධ්‍ය හමුවට එක් වී සිටියහ. අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, ජනාධිපතිවරයා වෙනුවෙන් එයට සහභාගී වී සිටියේය.

– බීබීසී සිංහල

Archive

Latest news

Related news