Thursday, April 25, 2024

ජනපති දිව්රුම විනිසුරු ශ්‍රී පවන් අභියස; මොහාන් පීරිස් ප්‍රතික්ෂේප වෙයි!

(ශ්‍රේෂඨාධිකරණ විනිසුරු කේ.ශ්‍රී පවන් )

කොළඹ නිදහස් චතුරස්‍රයේදී ශ්‍රේෂඨාධිකරණ විනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ඉදිරියේ අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (8) පස්වරු 6 ට පමණ දිවුරුම් දීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 (1) වගන්තිය යටතේ ජනාධිපති ධූරයට පත් කර ගනු ලබන තැනැත්තා හෝ අනුප්‍රාප්ත වන තැනැත්තා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරයා ඉදිරිපිට හෝ ඒ අධිකරණයේ වෙනත් යම් විනිශ්චයකාරවරයකු ඉදිරිපිට ශ්‍රී ලංකාවේදී හතරවන උපලේඛනයේ දැක්වෙන ප්‍රතිඥාව දී ඊට අත්සන් තැබීමෙන් හෝ දිවුරුම දී ඊට අත්සන් තැබීමෙන් හෝ ධූරය භාර ගත යුත්තේය.

හතරවැනි උප ලේඛනය

32 වැන, 53 වන, 61 වන, 107 වන සහ 165 වන ව්‍යවස්ථා

…………………………………….. වන මම ……………………ධූරයෙහි කාර්ය සහ කර්තව්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂාකොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. /දිවුරුම් දෙමි.

– ලංකාදීප

Archive

Latest news

Related news