Tuesday, July 16, 2024

සජිත් ගැන බොරු පුවත: රූපවාහිනී මඩ එයටම වමාරා කවයි

අද උදෑසන 10-11ත් අතර වේලාවකදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා රාජපක්ෂට එක්ව ඇතැයි ගෙතූ පුවකත් විකාහනය කළ ආණ්ඩුවේ රූපවාහිනයට වහාම නිවැරදි කිරීමක් පළ කරන ලෙස මැතිවරණ කොමසරිස්වරයා විසින් බල කරන ලදී.

මෙම අසත්‍ය පුවත පිලිබඳව සජිත් ප්‍රේමදාස මහතා පැමිණිළි කිරීමෙන් පසුව වහාම රූපවාහිනී පරිශ්‍රයට ගොස් එහි අධ්‍යක්ෂක හමුවට ගිය මැකො ‘ මේ අසත්‍යපුචාරය කරන්නේ රෙදි ඇඳගෙන දැයි‘ විමසන ලදී. ‘මටත් ලැජ්ජයි ඇඳුම් ඇඳගෙන මේ රස්සාව කරන්න මේ වගේ දේවල් වෙනකොට‘ යැයි ද මැකො කී බව රූපවාහිනී ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මැතිවරණ කොමසාරිස්වරයකු මෙවැනි පියවරක් ගත් ප්‍රථම අවස්ථාව මෙය බව ප්‍රකාශ කරන රූපවාහිනී සේවක පිරිස් පසුගිය 2010 ජනාධිපතිවරණයේ දී අපේක්ෂක සරත් පොන්සේකාට විරැද්ධව ජනාදිපතිවරණ දිනයේදීම විමල් විරවංශ යනාදීන් ගෙන ගිය ප්‍රචාරය සිහිපත් කරයි.

මැකොගේ අනතුරු හැඟවීමෙන් පැය බාගයකට පසු තමන්ගේම වමනය තමන්ම වළදන වෘෂභයකු සේ රූපවාහිනිය සජිත් ප්‍රේමදාස මහතා විසින් එවන ලද ලිපිය ද පෙන්වා සිය පුවත නිවැරදි කර සමාව ඉල්ලා සිටියේ ය.

 

 

Archive

Latest news

Related news