Saturday, April 20, 2024

මානව හිමිකම් ක්‍රියාධරයන් තිදෙනෙකුට මරණ තර්ජන

(මරන තරජන ලද තිදෙනාම වියරුවට එරෙහිව ව්‍යාපාරයේ මූලිකයින්ය)

මෙලනි මානෙල් පෙරේරා විසිනි –

අතුරුදහන්වුවන්ගේ් පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු , රයිට් ටු ලයිෆ් මානව හිමකම් සංවිධානයේ විධායක ලේකම් පිලිප් දිසානායක සහ එම සංවිධානයේ ම නීති අංශයේ ප‍්‍රසංග ප‍්‍රනාන්දු යන තිදෙනාට දුකරථන ඔස්සේ මරණ තර්ජන එල්ලකර ඇති බව  ඕව්හු ප‍්‍රකාශ කළෝය.

තමන් ඇතුළු අනෙක් දෙදෙනා වෙත මෙවැනි තර්ජනයක් එල්ලවුයේ පසුගියදා වියරුවට එරෙහිව-ජීවීතය උදෙසා විදියේ විරෝධය වැඩසටහන ක‍්‍රියාවට නැංවිම වීමට හැකියැයි බ‍්‍රිටෝ ප‍්‍රනාන්දු පැවසීය.

අද පස්වරු 1.37 හා 1.39 යට එකම ජංගම දුරකථනයකින් අමතා ඇති අතර ඔවුන් කියා ඇත්තේ බි‍්‍රටෝ ඇතුළු අනෙක් පුද්ගලයින් සිටින තැන් යන එන තැන් සහ පවුලේ උදවිය පිළිබඳව ඔවුන් දන්නා බවත් තව දින දෙකකින් තුනකින් ඔවුන්ට හිරිහැරයක් සිදුකරන බවත්ය. මල්වඩම් සුදානම්කරගෙන තබාගන්නා ලෙසට ද අනතුරු හගවා ඇත.

අනන්‍යතාවයක් සඳහන් නොකර බි‍්‍රටෝ ට මෙන්ම ප‍්‍රසංගට ද තර්ජනයකර ඇති අතර ප‍්‍රසංග ප‍්‍රනාන්දු විසින් එම දුරකථන ඇමතුම පටිගතකොට ඇත.

අනෙක් අයට පාඩම් ඉගැන්වීම සඳහා පළමුව පැහැරගන්නේ ප‍්‍රසංගව බවත් ඔහුගෙන් ඔවුන්ට අවශයකරන තොරතුරු ලබාගන්නා ක‍්‍රමය ඔවුන් දන්නා බවත් තර්ජනාත්මකව ප‍්‍රකාශකර ඇත.

එමෙන්ම පිලිප් දිසානායකගේ දුරකථනය වසා ගෙනඇත්තේ ඇයිද කියා ප‍්‍රශ්න කරන ඔවුන් පිලිප්වද හමුවීමට එන බව පිලිප් හට දැනුම් දෙන්නැයි ද කියා සිටියි.

මේ මස 05 වෙනිදා රාත‍්‍රියේදි ද බි‍්‍රටෝ සහ ප‍්‍රසංගගේ නිවෙස්වලට මරාදමන ලද බල්ලන්ගේ හිස ගෙනවිත් දමා තිබුණි.

අංක 0775875216 යන ජංගම දුරකථනය ඔවුන්ට මරණ තර්ජන එල්ල කළ දුරකථන අංකය වෙයිි.

අනන්‍යතාවයක් සඳහන් නොකර මෙවැනි මරණ තර්ජන එල්ල කිරීම ඉතා භයානක තත්ත්වයක් බව සඳහන්කරන බි‍්‍රටෝ් ප‍්‍රනාන්දු, මානව හිමිකම් ගරුකරන සැමගෙන් මේ පිළිබඳව දැඩි අවධානය යොමුකරන ලෙසත් කළ හැකි දෙයක් වේ නම් එය ක‍්‍රියාත්මක කරන ලෙසට ද ඉල්ලා සිටියි.

අයිතියඩෙිට්එල්කේ

Archive

Latest news

Related news