Sunday, May 5, 2024

08දාට පසු ලසන්තට යුක්තිය ඉටු වේවා! – ලාල් විකුමතුංග

ජනවාරි 08 දින පැවැත්වෙන ජනාදිපතිවරණයෙන් පසු මෙයට සය සරකට පෙර ඝාතනය කළ ජනමාධ්‍ය වේදී ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව අද පැවැති ලසන්ත සමරු පහන් දැල්වීමෙහි දී ලාල් වික්‍රමතුංග ප්‍රකාශ කළේ ය. ලාල් වික්‍රමතුංග ලසන්තගේ 6 සොහොයුරා වෙයි. ලසන්ත ඝාතනය කරවන ලද්දේ කව්රුන්දැයි තමා දන්නා බව ජනාදිපති රාජපක්ෂ තමට තෙවතාවක් කියා සිටි බව කී ඔහු එම අවස්ථාවන්හිදී එම තොරතුර අධිකරණයට සපයන්නැයි තමා ඉල්ලා සිටි බව ද කියා සිටියා ය.

මනීමරුවා රාජපක්ෂ - සන්ධ්‍යා එක්නැළිගොඩ
මනීමරුවා රාජපක්ෂ – සන්ධ්‍යා එක්නැළිගොඩ

ජනවාරි මාසයෙහි දී ඝාතනය කරන ලද ලසන්ත වික්‍රමතුංග, ධර්මරත්නම් සිවරාම් සම අතුරුදහන් කරන ලද ප්‍රගීත් එක්නැළිගොඩ සමරා මෙම පහන් දැල්වීම සංවිධානය කරන ලද්දේ පුරවැසි බලය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසිනි. පහන් දැල්වීමට 500කට ආසන්න පිරිසක් සහභාගි වූහ.

රුස්ව සිටි පිරිස ඇමැතූ ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ ලසන්ත ඝාතනයත් ප්‍රගීත් පැහැර ගැනිමත් යන අපරාධ දෙකටම රාජපක්ෂ ආන්ඩුව වගකිව යුතු බව කියා සිටියේ ය.

ප්‍රගීත්, ලසන්ත සහ සිවරාම් වෙනුවෙන් යුක්තිය ඉටු කරනු!
ප්‍රගීත්, ලසන්ත සහ සිවරාම් වෙනුවෙන් යුක්තිය ඉටු කරනු!

ජනාධීපතිවරණයෙහි දි රාජපක්ෂ රිජීමය ජනමාධ්‍ය පාලනය කිරිම ඉතිහාසයේ නොවීවිරූ මට්ටමකට ඉහළ නැග ඇති බව පෙන්වා දුන් පුරවැසි බලය වෙනුවෙන් කතා කළ ගාමිනී වියන්ගොඩ ඒ සඳහා දිවයින පුවත්පත උදාහරණයක් ලෙස ගෙනහැර පෑය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සුනිල් ජයසේකර කියා සිටියේ ජනමාධ්‍ය ඝාතනවලින් පිරි කලු ජනවාරියට සාධාරණත්වය ඉටු කිරිම දින දෙකකින් පත් වන නව රජයේ ප්‍රමුඛතාවයක් විය යුතු බවයි.

ජායාරෑප: ශ්‍රී ලංකා බ්‍රීප් / © SLB

ලසන්ත සමරැව

 

Archive

Latest news

Related news