Friday, May 3, 2024

වීදියේ විරෝධයට විරුද්ධ පාර්ශවයෙන් බලු ඔලු තෑගි !

මෙලනි මානෙල් පෙරේරා-

වියරවට එරෙහිව – වීදියේ විරෝධයේ සංවිධායකවරුන් දෙපළක් වන රයිටි ටු ලයිෆ් මානව හිමිකමි සංවිධානයේ හා අතුරුදහන්වුවන්ගේ පවුල්එකතුවෙි නිළධාරින් වන බි‍්‍රටෝ ප‍්‍රනාන්දු හා ප‍්‍රසංග ප‍්‍රනාන්දු යන අයගේ නිවෙස්වලට ඊයේ රාත‍්‍රියේදි (ජනවාරි04) මරාදමන ලද බල්ලන් දෙදෙනෙකුගේ හිස් ගෙනවිත් දමා ඇතැයි ඔව්හු අයිතියට කිහ. මෙම බලූ ක‍්‍රියාව පිළිකුලින් යුතුව හෙළා දකින ඔවුන් ඒ පිළිබඳව නිසි පරික්‍ෂණයක් සිදුකරන ලෙසට මීගමුව පොලීසියෙන් ඉල්ලා සිටිති.

ඊයේ රාත‍්‍රියේ තමන් නිවසේ (මීගමුව) නැති අවස්ථාවේදි (පස්වරු 7 සිට 10.30) දක්වා කිසියම් කෙනෙකු හෝ කණ්ඩායමක් පැමිණ සිය නිවෙසේ ගේට්ටුවේ පොලිතින් බැගයක් එල්ලා තබා තිබෙන බව තමන් නිවෙසට පැමිණි විට දුටු නමුත්, ඒ පිළිබඳව සැකයක් ඇති වු නමුත් තමන් සමග බිරිඳ සහ දියණියක සිටී බැවින් එය පරික්‍ෂා කිරීමට උත්සාහා නොකළ බව පවසන බ‍්‍රිටෝ ප‍්‍රනාන්දු, එහෙත් අද උදෑසන එය පරික්‍ෂාකර බැලූ විට මරාදැමා ඇති බල්ලෙකුගේ හිස පොලිතින් බෑගයක දමා ගේට්ටුවේ එල්ලා ගොස් ඇති බව නිරීක්‍ෂණය කළ බව ප‍්‍රකාශ කළේය.

එමෙන්ම, තමන්ගේ නිවස (පිටිපන) ඉදිරිපිටද මරාදමන ලද බල්ලකුගේ හිසක් ඊයේ රාත‍්‍රියේ දි දමාගොස් ඇති බව ප‍්‍රසංග විසින් ද අයිතියට කීහ.

මේ වනවිට ඔවුන් දෙදෙනා විසින් මිගමුව පොලීසියේ අංක : CEB 11 33/53 and CEB 11 34 / 53 යටතේ පැමිණිල්ලක් දමා ඇති බව පවසන බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, මේ වසරේ ඔක්තෝබර් අතුරුදහන්වුවන්ගේ වාර්ෂික අනුස්මරණය දිනට පෙරදින තමන්ගේ නිවෙසට ගල් ගැසු සහා එහි සංවිධායකවරුන්ගේ මුහුණු ඇතුලත් කරමින් පොස්ටර් ඇලවු පිරිස පිළිබඳව මේ සිද්ධිය සම්බන්ධයෙන් ද තමන් සැක කරන බව බි‍්‍රටෝ ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කළේය.

තවද,තමන් පිිළිබඳව ඉතා හොඳින් දන්නා නිමල් ලාන්සා සහ ධිවර නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න ය නඅය මේ සිද්ධිය හා සම්බන්ධ දැයි දැනගැනීමට තමන් උත්සාකරන බවද ඔහු කීවේය.

“වියරුවට එරෙහිව-ජීවිතය වෙනුවෙන්” අපි විසින් ගෙනයන වීදියේ විරෝධය නවතා දැමිම සඳහා අප කණ්ඩායම අධෛර්යට පත්කරන්නට, බියගන්වන්නට කරනු ලබන අධම ක‍්‍රියාවක් විධියටයි අපි මේ බලූ වැඬේ දකින්නේ. එහෙත් අපි අපේ ගමන ඉදිරියටයත් මේ ආකාරයෙන්ම අවශ්‍ය අවස්ථාවලදි දියත් කරනවා.” යැයි බි‍්‍රටෝ ප‍්‍රනාන්දු අයිතියට ප‍්‍රකාශ කළේය.

-මෙලනි මානෙල් පෙරේරා (අයිතියඩොට්එල්කේ)

Archive

Latest news

Related news