Sunday, May 19, 2024

බිෂොප් රායප්පුගෙන් රාජපක්ෂටත් අාසිරි; ඊළමට ආශීර්වාද කල දෑතින්මයි – විරවංශ කියයි

( මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් පියතුමා අද රාජපක්ෂට දෙව් ආසිරි පැතීම: ජායාරූපය සිරස රූපවාහිනියෙනි)

අද මන්නාරමට ගිය ජනාධිපති රාජපක්ෂ වෙක මන්නාරම රදගුරු රායප්පු ජොෂප් පිියකුමා දෙව් ආසිරි පතනු මෙම ජායාරූපයෙන් දැක්වේ.

පසුගිය දා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ද එළෙසම රදගුරු තුමා ආසිරි පැතුවේ ය. එවිට රාජපක්ෂ ජනාධිපති රාජපක්ෂගේ අගසව්වකු වන විමල් විරවංහගේ සි නිවිස් වෙබ් අඩවියේ පළ වූයේ මෙසේ ය:

‘‘ඊළමට ආශීර්වාද කල දෑතින්මයි.. රායප්පු ජෝෂප් කාලෙකින් පිනා යයි..
විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා මන්නරාම් රදගුරු රායප්පු හමුවී ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී මන්නරාම් රදගුරුවයා කියා සිටියේ උතුරු පළාතේ සියළු කිතුණු ජනතාව සහයෝගය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන බවයි.

මන්නාරම රඳගුරු නිවසේදී ඊයේ සිදු වූ මෙම හමුව සඳහා රිෂාඞ් බදියුදින්, රවී කරුණානායක යන මන්ත‍්‍රිවරුන්ද එක්ව සිටියහ.

සි නිව්ස්

විරවංහගේ තවත් වාර්තාවක කියුවුනේ කොටි රායප්පු, සම්බන්ධන්, හකීම් ඇතුළු සියළු දේශප්‍රෙමීන් දැන් මා සමඟයි.. යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා කියන බවකි.

දැන් රාජපක්ෂ සම්බන්දයෙන් විමල් විරවංහ කියන්නේත් එම කතාවම දැයි දැන ගන්නට විදියක් තිබේ ද? දැන් කොටි රායප්පු රාජපක්ෂට දේව ආශ්ර්වාද පැකීඹ ගැන විරවංශ ගොයියා කටක් අරීද?

© SLB

 

Archive

Latest news

Related news