Friday, May 3, 2024

යුරෝපීය සංගමය නිදහස් මැතිවරණයකට; ජි.එල්.ට තද වෙයි

එලඹෙන ජනාධිපතිවරණය සාමකාමී, නිදහස් සහ විශ්වනීය එකක් වනු ඇතැයි යන්න සිය අපේක්ෂාව බව සඳහන් කරමින් යුරෝපා රටවල් 27ක් වෙනුවෙන් කොළඹ යුරෝපා සංගමයේ කාර්යාලය 02දා නිකුත් කළ නිවේදනය ගැන තද වූ ජී.එල්.පිරිස් ගේ විදේශ අමාත්‍යාංශය එදිනම ඊට විරුද්ධව නිවේදනයක් නිතුක් කර තිබේ.

ජී.එල්. පිරිස්ගේ නමට තිබුණ ද සජින් වාස් සහ ක්ෂෙනුකා සෙනවිරත්න හවුලේ මෙහෙයවන විදේශ අමාත්‍යාංශය කියන්නේ ශ්‍රී ලංකාවේ සැමදා නිදහස් හා සාධාරණ මැතිවරණ පවත්වා ඇති බැවින් යුරෝපා සංගමය කට වසා ගෙන සිටිය යුතු බවය.

එසේ නමත් මෙම නිවේදනය නිකුතත් කර පැය ගණනාවක් යන්නට මත්තෙන් පොදු විපක්ෂ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ පැල්මඩුල්ලේ පැවැති දැවැන්ත මහජන රුළියට රාජපක්ෂ දාමරිකයෝ ගල් ප්‍රහාරයක් එල්ල කළහ. මෙවර මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවන්හි ඇති විශේෂය නම් ඒවා සියල්ළම වාගේ රාජපක්ෂ මැර පිරිස් විසින් කරනු ලැබ තිබීමය.

විපක්ෂයේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙන කිසිම මැතිවරණයකදීට වඩා සාමකාමී බව මෙවර පෙනී යන කරුණක් බව මැතිවරණ නිරීක්ෂන අංශ දක්වයි.

රාජපක්ෂවරුන් විසින් ජන්ද මංකොල්ල කෑමට යුද හමුදාව යොදවා ගන්නා බවට විපක්ෂ නායක කණ්ඩායමක් විසින් පෙරේදා 01දා කොළඹ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස් වෙත දැනුම් දීමෙන් පසු ඊට පසු දිනම යුරෝපා සංගමය විසින් මෙම ප්‍රකාශය කිරීමෙන් පෙනී යන්නේ විපක්ෂයේ බලපැමේ ශක්තිය බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

© SLB

Archive

Latest news

Related news