Saturday, May 4, 2024

එල්ටීටීඊ නමින් ආණ්ඩුවෙන් ජන්ද වර්ජනයට පොස්ටර් හා පත්‍රිකා

ජනාධිපතිවරණයදී දෙමළ ජනතාවගේ ජන්ද ප්‍රතිශතය අඩු කිරීමට කොටින්ගේ නම භාවිතා කිරීමට ආණ්ඩුව තිරණයකර ඇතැයි  ග්ලෝබල් ටැමිල් නිව්ස්  වාර්තා කරයි.

මෙම බොරු පුවත් ව්‍යාපාරයේ මූලික පණිවිඩය වන්නේ එල්ටීටීඊ සංවිධානය ජන්ද වර්ජනය කරන්නැයි ඉල්ලා ඇති බව යි.

ආණ්ඩුව සමඟ සම්බන්දකම් ඇති ඩයස්පෝරා පිරිස් විසින් එවැනි ප්‍රකාශ ඉදිරි දිනවලදී කරනු ඇතැයි ශ්‍රී ලංකා බ්‍රීප් වෙත දැන ගන්නට ලැබී තිබේ.

ආන්ඩුවේ කූටෝපාය සඳහා  හිටපු කොටි සාමාජිකයන් විශාල පිරිසක්  ද මෙතෙක් එළි නොදක්වා තම යටතේ තබාගෙන සිටින කොටි සංවිධානයේ හිටපු ප්‍රබල නායකයන් කිහිප දෙනෙකු යොදවා ගැනීමටද රජය තීරණය කර ඇතයි කොළඹ ආරංචි මාර්ග උපුටා දක්වමින් එය වාර්තා කරයි.

මේවන විට දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු, සහ දෙමළ ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් ඇති මැතිවරණ වර්ජනයද තමන්ට වාසිදායක අයුරින් භාවිතා කරගැනීමට රජය සැලසුම් කර තිබේ.

ආරක්‍ෂක ලේකම් ගෝඨාබය රාජපක්‍ෂ මහතාගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මකවීමට නියමිත මෙම විශේෂ කණ්ඩායම, හිටපු කොටි සාමාජිකයන්, පුනරුත්ථාපනය ලබා නිදහස්වූවන්, සිවිල් කණ්ඩායම්වලට ඇතුලත් කළ පුද්ගලයන් යනාදි පිරිසව තම මෙහයුමට යොදා ගැනීමට ඇතයි හමුදාවට  ආරංචි මාර්ගය දක්වමින් ග්ලෝබල් ටැමිල් නිව්ස් වාර්තා කරයි.

විශේෂයෙන් ජාත්‍යන්තර මට්ටමින් එල්.ටි.ටි.ඊ. සංවිධානය නිමින් ක්‍රියාත්මක වන සංවිධාන, ආයතන, එහි ප්‍රධානීන්ගේ නමින් මැතිවරණය වර්ජනය කරන්නයි ඉල්ලා සිටින පත්‍රිකා බෙදීම, පෝස්ටර් ඇලවීම, ජනතාව අතර ප්‍රචාරය කිරීම වැනි ක්‍රියා කටයුතු මඟින් දෙමළ ජනතාවගේ ජන්ද ප්‍රතිශතය අඩු කිරීමේ රජයෙහි ප්‍රධාන අරමුණවී ඇතැයි ද එම වෙබ් අඩවිය වාර්තා කරයි.

තවද, පසුගිය උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු දිනය අවසන්වූ පසු  යාපනය උදයන් පුවත්පතෙහි ව්‍යාජ මුද්‍රණයක්  ආන්ඩුවේ පිරිස් විසින් බෙදා රින ලද්දේ ද ජන්ද වර්ජනයක් කරන ලෙස ඉල්ලමිනි  මෙවරද එවැනිම පුවත්පත්ක් මුද්‍රණය කර සියළුම නිවෙස් වලට යැවීමට සැළසුම් කර ඇතැයි ද වාර්තා වේ.

මේ සඳහා යාපනයෙහි ක්‍රියාත්මක වන පුවත්පත් කාර්‍යාලයන් බලහත්කාරයෙන් හෝ මුදලට ගැනෙන එකඟතාවෙයන් මගින් හෝ  මැතිවරණය වර්ජනය කරන ලෙස කොටි සංවිධානය විසින් නිළ වශයෙන් දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින අයුරින්,මෙම ප්‍රචාරය ගෙන යනු ඇත

යාපනයේ දෙමළ ජාතික පෙරමුණේ මංත්‍රීවරයකු වක සරවනවනපවන්ට අයත් උදයන් පුවත්පත දැනටමත් ජන්ද වර්ජන ව්‍යාපාරයේ නියැලී ඇතැයි උතුරේ ආරංචි මාර්ග ශ්‍රී ලංකා බ්‍රීප් වෙත පැවැසී්‍ය.  විශාල ව්‍යාපාරිකයකු වන සරවනපවන් රාජපක්ෂ ආන්ඩුවට එක් වීමට යන්නේ යැයි යාපනයේ ආරංචි පැතිර තිබේ.

මේ ව්‍යාපාරය සඳහා ආනන්දි සසිදරන් දැනටමත් ආණ්ඩුව විසින්   ප්‍රරෙයෝජනයට ගනිමින් තිබේ.  ඉදිරිදිනවලදී ආන්නදි සසිදරන්ට ආන්ඩුවේ ජනමාධ්‍ය මගින් ප්‍රචාරයක් දීමට ද සැළසුම් කර  ඇතැයි වාර්තාවේ.

 

Archive

Latest news

Related news