Saturday, May 4, 2024

මම ඔබ දන්න අවතාරෙ, සිරිසේන දේවදූතයා, මරා යාපනයේ දී

අද යාපනයේ පැවැති රාජපක්ෂ රුස්වීම් මාලාව එකම එක ජංජාලයක් බවට පත්ව ඇතැයි දෙමළ ජනමාධ්‍ය යාපනයේ සිට වාර්තා කරයි.

යාල් දේවි දුම්රිය කන්කසන්තුරය බලා යාම ද නිමිති කොට එහි පැවැත්වූ රුස්විමට රාජපක්ෂ සහබාගි නොවීය. ඊට හේතුව වශයෙන් දැක්වෙන්නේ ජනාධිපති රාජපක්ෂ අත්පොළසන් නාදයකින් පිළිගන්නැයි නිවේදකයා යලි යළිත් කරන ලද කෑමොර ගැසීමට කිසිදු ප්‍රතිචාරයක් නොලැබිම බව කියනු ලැබේ.

එමෙන්ම යාපනයේ නගරයේ පැවැති රජයේ සේවකයින්ගේ රුස්වීම් සියල්ළ අමතනු ලැබුවේ අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත පමණි. රාජපක්ෂ ඒ සියල්ල මඟහැර තිබුණි.

අවසායේ දී යාපනයේ දොරේ අප්පා ක්‍රීඩාගනයේදී පැවැත් රුස්වීමට රාජපක්ෂ සහභාගි විය. එනමුත් ඩග්ලස් දේවානන්දා දිර්ඝ කතාවක් පැවැත්වීම ගැන උරණ වූ රාජපක්ෂ ඔහුගේ කතාව අතරමැද නතර කොට සිය කතාව පටන් ගත්තේ ය.

රාජපක්ෂ මෙසේ කීය, ‘ මම තමුන්නාන්සේලා දන්න යක්ෂයා;මෛත්‍රීපාල සිරිසේන කියන්නේ නොදන්න  දේවදුතයා’’ එවිට රාපක්ෂගේ පරිවර්තකයා මෙසේ කීවේ ය. ‘‘ මම ඔබ දන්න අවතාරෙ එත් මෛත්‍රිපාල සිරිසේන කියන්නේ දේවදූතයා’’

අද දෙමළ සමාජ මාධ්‍ය ජාල පිරි ඇත්තේ රාජපක්ෂට යාපනයේදී අත් වූ දුක්බර ඉරණම ගැන කතාන්තර වලිනි.

© SLB

Archive

Latest news

Related news