Friday, May 3, 2024

සිල් රෙදි බෙදීම නවත්වන්න; මැකොට පැමිණිල්ලක්

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින බලයේ සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡුන්ද ප‍්‍රචාරක ව්‍යපාරයේ කොටසක් ලෙස පෝයදින සිල් රෙදි බෙදීමේ සැලැස්මක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව ප්‍රකාශ කරන ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශී‍්‍ර ලංකා ආයතනය එම සිල්රෙදි සමග ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතාව ප‍්‍රවර්ධනය වන ආකාරයේ පණිවිඩයක්ද ඇතුලත් කර ඇති බැවින්  මැතිවරණ දූෂණක් වන මෙම ක්‍රියාව වැළැක්වීමට පියවර ගන්නා සේ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.

මේ අතර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේදී සිදුවන පොදු දේපළ අයථා ලෙස පරිහරණය කිරීම වැළැක්වීම සදහා ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශී‍්‍ර ලංකා ආයතනය පවත්වාගෙන යනු ලබන  මැතිවරණ නිරීක්ෂණ වැඩසටහනක වෙක මේවන විට රාජ්‍ය දේපළ අවභාවිතය පිළිබදව පැමිණිලි 170කට වැඩි ප‍්‍රමාණයක්  ලැබී ඇතැයි ද එය කියා සිටී.

සිල් රෙදි සම්බන්දයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවන ලද ලිපිය පහත සඳහන් ය,

මැතිවරණ කොමසාරිස්තුමා,
මැතිවරණ මහලේකම් කාර්යාලය,
සරණ මාවත,
රාජගිරිය,

2015 ජනාධිපතිවරණය
ඡන්දය ලබාගැනීම සදහා අල්ලස් ලෙස සිල්රෙදි ලබාදීම පිළිබඳ පැමිණිල්ලයි

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින බලයේ සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡුන්ද ප‍්‍රචාරක ව්‍යපාරයේ කොටසක් ලෙස පෝයදින සිල් රෙදි බෙදීමේ සැලැස්මක් ක‍්‍රියාත්මක වෙමින් පවතී. එම සිල්රෙදි සමග ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතාව ප‍්‍රවර්ධනය වන ආකාරයේ පණිවිඩයක්ද ඇතුලත් කර ඇත. එහි පිටපතක් ඔබගේ අවධානය පිණිස මේ සමග යොමු කරමි.

මෙම සිල්රෙදි මේ වන විටත් දිවයිනේ බොහෝ විහාරස්ථාවලට ලබාදී ඇති අතර ඒවා 2015 ජනවාරි 4වන දිනට යෙදෙන පොහෝදින බෙදා දීමට සැලැසුම්කර ඇති බවට අපවෙත තොරතුරු ලැබී ඇත.

මෙය 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත්කර ගැණීම පිළිබඳ පනනේ 79 වගන්තිය යටතේ අල්ලස පිළිබඳ වරදක් බව අවධාරණය කරමි.

එමෙන්ම මෙම සිල්රෙදි සදහා කර්මාන්ත අමාත්‍යංශයේ මුදල් ප‍්‍රතිපාදන වෙන්කර ඇති බවටද විශ්වාසනීය තොරතුරු ලැබී ඇති අතර ඒ අනුව මෙම ක‍්‍රියාව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 104 4 අ ව්‍යවස්ථාවට පටහැනි ක‍්‍රියාවක්ද වන බව දන්වා සිටිමි.

මෙම සිල්රෙදි අතරින් 4000 පමණ ප‍්‍රමාණයක් ආණමඩුව මැතිවරණ කොට්ඨාශයේ පරමාකන්ද විහාරස්ථානයේ අද දින පවත්වන උත්සවයකදී බෙදා දීමට සැලසුම්කර ඇති අතර එම උත්සවය සදහා අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ද සහභාගී වීමට නියමිතය.
එබැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීමේ අරමුණනින් මෙම ක‍්‍රියාව නැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.
ස්තූතියි,
මෙයට විශ්වාසී,

ශාන් විජේතුංග
ජ්‍යෙෂ්ඨ කළමණාකරු
0777362121
(විධායක අධ්‍යක්‍ෂක වෙනුවට )

Archive

Latest news

Related news