Sunday, April 28, 2024

ජනතාවගේ ඉඩම් ජනතාවටම දෙනවා; චන්ද්‍රිකා යාපනයේ දී

( යාපනයේ ජනයා සිය ඉඩම් ඉල්ලා කරන උද්ඝෝෂණයක්)

උතුරු පළාතෙහි ආරක්‍ෂක අවශ්‍යතාවයන් ගැන වැඩි අවධානයක් යොමු කරන අතර, ජනතාවගේ ඉඩම් යළි ජනතාවටම ලබා දෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසූ බව  ග්ලෝබල් ටැමිල් නිව්ස්  යාපනයේ සිට වාර්තා කර තිබේ.

හිටපු ජනාධිපතිනිය මේ බව කියා ඇත්තේ ඊයේ  යාපනයදී පැවැති ජන හමුවක් අමතමිනි.

දශක ගණනාවක් දුක් කරදරවලට මුහුණ දුන් ඔබ උතුරු පළාත් සභාව අති බහුතරයකින් තෝරා පත් කළ නමුත් එය නිසියාකාරව ක්‍රියාත්මකවීම වැලක්වීමට මධ්‍යම රජය බාධා කරමින්් සිටින බව පවසා ඇති ඇය රජය උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වුයේ ජාත්‍යන්තරයෙහි බලපෑම් නිසා බවත් පවසා තිබේ.

මෙම රටේ ජීවත්වන සියළු ජන කොටසක්ම සාමකාමීව නිදහසේ ජීවත්විය යුතු බවත් ඒ සඳහා තමා කැපවෙන බවත් පැවසූ කුමාරතුංග මහත්මිය  එල්.ටි.ටි.ඊ. සංවිධානය ප්‍රචණ්ඩකාරි කටයුතුවල යෙදීම නිස රටේ සියළු ජනතාවම පීඩාවට පත්වු බවත් එනමුත් අද  ද මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ නීතිය, සාධාරණත්වය කඩා වැටී  රටේ සියළු සම්පත් එක පවුලක් විසින් කොල්ලකමින් සිටින බව ද පවසා ඇත.

යුද්ධයෙන් පසු දෙමළ ජනතාවට තිබෙන ලොකුම ප්‍රශ්ණය වන නැවැත පදිංචිය බව ප්‍රකාශ කළ ඇය  ජනතාවගේ  ඉඩම් රජය විසින් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට අවශ්‍යතාවයක් නොමැති යැයි පැවසීය.
‘‘ රටේ ආරක්‍ෂාව ඉතා වැදගත්ය, එමෙන් ආරක්‍ෂක අවශ්‍යතාවයට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය පමණක් ලබාගෙන අනෙකුත් ඉඩම් සියල්ලම යළි ඔබට  ලබා දෙන්නෙමු, උතුර නැගෙනහිර ජනතාවට ජීවනෝපාය සම්බන්‍ධ ගැටළුවලට හා රැකියා අවස්ථාවන්ද අනෙකුත් පළාත්වලට ලබා දෙන අයුරින් ලබාදීමට පියවර ගන්නෙමු. විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඔබලාගේ ප්‍රශ්ණවලට නිසි විසඳුමක් ලබා දෙනු ඇත. එයට අපද සහයෝගය ලබා දෙන්නෙමු.‘‘ යැයි ඇය ප්‍රකාශ කළේ ය.

ඇසුර –  ග්ලෝබල් ටැමිල් නිව්ස්

Archive

Latest news

Related news