Friday, May 3, 2024

ජනාධිපතිවරණය 2015: අන්තයටම අගතිගාමී රාජ්‍ය මාධ්‍ය භාවිතය (දෙවන වාර්තාව)

ජනාධිපතිවරණයේ දී රාජ්‍ය මුද්‍රිත මාධ්‍ය (ලේක්හවුස් පුවත්පත්) හැසිරීම පිළිබද නිරීක්ෂණ – මුල් පිටුවේ ප්‍රවෘත්ති-

(2014 දෙසැම්බර් 20 සිට 26 දක්වා)

පහත දැක්වෙන්නේ රජයට අයත් ශ්‍රී ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් ප්‍රකාශයට පත් කරනු ලබන දිනපතා හා සති අන්ත සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත්පත්වල මුල් පිටුව සහ මුල් පිටුවේ ඉතිරි ලෙස ඇතුළු පිටුවල පළ වී ඇති ප්‍රවෘත්ති වාර්තා සදහා වෙන් වී ඇති ඉඩකඩ (වර්ග සෙන්ටි මීටර්වලින්) ජනාධිපති අපේක්ෂයන් අතර බෙදී ගොස් ඇති ආකාරය යි.

ඉහත සමස්ත ඉඩ ප්‍රමාණයෙන් දැන්වීම් සදහා වෙන් ව ඇති ඉඩකඩ හැර අන්තර්ගතයට අදාළ ශීර්ෂ පාඨ, ඡයාරූප හා ප්‍රවෘත්ති අන්තර්ගතය ‘ප්‍රවෘත්ති සදහා වෙන් වූ ඉඩ ප්‍රමාණය’ ලෙස මෙහි දී ගණනය කර තිබේ.
දින හතෙහි ම මැතිවරණ ප්‍රවෘත්ති සදහා වෙන්ව ඇති ඉඩකඩ ජනාධිපති අපේක්ෂකයන් අතර බෙදී ගොස් ඇති ආකාරය

සිංහල පුවත්පත් – දිනමිණ සහ සිළුමිණ

01
MR – එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයා (වත්මන් ජනාධිපති) සම්බන්ධ පුවත්
MS – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (පොදු) අපේක්ෂක සම්බන්ධ පුවත්
Others – සෙසු අපේක්ෂකයන් සම්බන්ධ පුවත්

දෙමළ පුවත්පත් – තිනකරන් සහ වාරමංජරි

2

MR – එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයා (වත්මන් ජනාධිපති) සම්බන්ධ පුවත්
MS – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (පොදු) අපේක්ෂක සම්බන්ධ පුවත්
Others – සෙසු අපේක්ෂකයන් සම්බන්ධ පුවත්

ඉංග්‍රීසි පුවත්පත් – Daily News සහ Sunday Observer

3
MR – එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයා (වත්මන් ජනාධිපති) සම්බන්ධ පුවත්
MS – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (පොදු) අපේක්ෂක සම්බන්ධ පුවත්
Others – සෙසු අපේක්ෂකයන් සම්බන්ධ පුවත්

මැතිවරණයට අදාළ පුවත් අන්තර්ගතය ප්‍රධාන විෂය ක්‍ෂේත්‍ර කිහිපයක් යටතේ බෙදී ගොස් ඇති ආකාරය

සිංහල පුවත්පත් – දිනමිණ හා සිළුමිණ

4
• ප්‍රතිපත්ති පැහැදිලි කිරීම් (Policy)
අපේක්ෂක ප්‍රතිරූපය හැසිරවීම (Image Handling)
අපේක්ෂක ප්‍රතිරූපය ගර්හාවට ලක්කරන (Unfounded/Baseless)
• ප්‍රතිපක්ෂ කටයුතු පිළිබද විවේචන (Criticism)
• ඡන්දදායකයා දැනුම්වත් කිරීම (Voter Education)

දෙමළ පුවත්පත් – තිනකරන් සහ වාරමංජරි

5

• ප්‍රතිපත්ති පැහැදිලි කිරීම් (Policy)
අපේක්ෂක ප්‍රතිරූපය හැසිරවීම (Image Handling)
අපේක්ෂක ප්‍රතිරූපය ගර්හාවට ලක්කරන (Unfounded/Baseless)
• ප්‍රතිපක්ෂ කටයුතු පිළිබද විවේචන (Criticism)
• ඡන්දදායකයා දැනුම්වත් කිරීම (Voter Education)

ඉංග්‍රීසි පුවත්පත් – Daily News හා Sunday Observer

6
ප්‍රතිපත්ති පැහැදිලි කිරීම් (Policy)
• අපේක්ෂක ප්‍රතිරූපය හැසිරවීම (Image Handling)
අපේක්ෂක ප්‍රතිරූපය ගර්හාවට ලක්කරන (Unfounded/Baseless)
• ප්‍රතිපක්ෂ කටයුතු පිළිබද විවේචන (Criticism)
• ඡන්දදායකයා දැනුම්වත් කිරීම (Voter Education)
ජනාධිපතිවරණයේ දී ඒ ඒ අපේක්ෂකයා තම ප්‍රතිපත්ති පැහැදිලි කිරීම මෙන් ම මැතිවරණ ක්‍රියාවලිය පිළිබද ජනතාවට අවබෝධයක් ලබා දීම ඡන්දදායකයාට දැනුම්වත් තීරණයක් ගැනීම පහසු කරවයි.

කිසියම් අපේක්ෂකයකුගේ ප්‍රතිරූපය සාපේක්ෂව පිම්බීම හෝ තවත් අපේක්ෂකයෙකුගේ ප්‍රතිරූපය හකුළුවා පෙන්වීමට මාධ්‍ය ප්‍රයත්න දරන්නේ නම් එය සමබර අපක්ෂපාතී හා අපාක්ෂික මාධ්‍ය භාවිතය පැහැර හැරීමක් ලෙස සැලකීමට සිදු වේ.

මැතිවරණ ක්‍රියාවලිය පිළිබද ජනතාව දැනුම්වත් කිරීමේ කාර්යය සදහා මෙම ජාතික පුවත්පත් වෙන් කර ඇත්තේ ඉතාම සීමිත ඉඩ ප්‍රමාණයක් බව ද නිරීක්ෂණය වේ.

අපේක්ෂකයකුගේ ප්‍රතිරූපය ගොඩ නැගීම (පිම්බීම) මෙන් ම, ඇතැම් අපේක්ෂකයකුගේ ප්‍රතිරූපයට හානි කිරීම (හකුළුවා දැක්වීම) සදහා මුල් පිටුවේ වෙන් කර ඇති ඉඩ ප්‍රමාණය පිළිබදව ද අපගේ අවධානය‍ වූ අතර එම නිරීක්ෂණ පහත දැක්වේ.
අපේක්ෂක ප්‍රතිරූපය නගාසිටුවීම (පිම්බීම) හෝ හැකිළීම

අදාළ සතිය තුළ අපේක්ෂකයන්ගේ ප්‍රතිරූප නගාසිටුවීම (9979.03cm2) හෝ හැකිළීම (2654.03cm2) සදහා වෙන් වී ඇති සමස්ත ඉඩ ප්‍රමාණය සලකා බැලීමේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයාගේ ප්‍රතිරූප නගා සිටුවීමට සමස්ත ඉඩ ප්‍රමාණය ම වෙන් වී ඇති බව නිරීක්ෂණය වේ. ප්‍රතිරූපය හැකිළීම සදහා වෙන් වී ඇති සමස්ත ඉඩ ප්‍රමාණය ම භාවිතා කොට ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (පොදු අපේක්ෂක) අපේක්ෂකයාගේ ප්‍රතිරූපය බිද හෙළීම වෙනුවෙනි.

පොදු නිරීක්ෂණ
ජනාධිපතිවරණයට අදාළව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පිළිපැදිය යුතු උපමාන මැතිවරණ කොමසාරිස්වරයා විසින් පැහැදිලිව ප්‍රකාශයට පත්කොට තිබියදී මෙම රාජ්‍ය මාධ්‍ය ඒවා පිළිබදව අවධානයක් යොමුකර නොමැති බව පෙනීයයි.

නිරවද්‍ය, සමබර, අපාක්ෂික හා අපක්ෂග්‍රාහීත්වය ඇතුලු සම්මත මාධ්‍ය ආචාර ධර්ම රැසක් මෙම මාධ්‍ය භාවිතය තුළ බරපතල ලෙස උල්ලංඝනය වී ඇති බවද අපගේ නිරික්ෂණයයි.

රාජ්‍ය මාධ්‍ය යනු පොදු දේපලක් බව අවිවාදිතව තිබියදී මෙලෙස ඒකපාර්ශවික නැමියාවකින් කටයුතු කිරීම පොදු දේපල අපහරණය කිරීමක් ද වන බව අපගේ නිරීක්ෂණයයි.

මෙකී පසුබිම තුළ මැතිවරණ සමයකදී මාධ්‍ය ඉටුකළ යුතු ප්‍රධාන කාර්යයක් වන මැතිවරණය පිළිබද ඡන්දදායකයා දැනුම්වත් කිරීමේ සමාජ වගකීම මෙම භාවිතය තුළ මගහැර ඇති බවද අපගේ නිරීක්ෂණයයි.
එස්. රනුග්ගේ
විධායක අධ්‍යක්ෂ
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා
මෙම වාර්තාව පීඩීඑප් ගොනුවක් ලෙස කියවන්න:PPPR MM 2 Print final Media

Archive

Latest news

Related news