Saturday, April 20, 2024

සල්මන් ඛාන්ට හාදු; අපේ් කලාකරුවන්ට ගල්-මුල් (වීිඩියෝ)

(සල්මන් ඛාන් සමඟ යන රාජපක්ෂගේ මුහුණේ ජන්ද ප්‍රතිපලය ලියැවී කිබේ)

ඔරලෝසු ලේබලයක් බවට පත්ව ඇති ජනාධිපති රාජපක්ෂ අද ඉන්දීය සිනමා නළුවකු වන සල්මන් ඛාන් සිප වැළද ගනිමින් පිළිගත් අතර රාජපක්ෂවාදී නිල් බලකායේ මැර පිරිස් කුරුනෑගල කුඹුක්ගැටෙහි දී අලුත් පරපුරේ කලකරුවන්ට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළහ.

මෙම ප්‍රහාරයෙන් තුවාලලැබූ තරුණ කලාකාරියක වන සමනලී පොන්සේකා රෝහල් ගත කර ඇතැයි ශ්‍රී ලංකා මිරර් වාර්තා කරයි.

නව පරපුරේ කලාකුවන්ගේ මහුණ පොකෙන් පහත සඳහන් වාරතාව උපුටා ගන්නා ලදී,

කලාකරුවන්ට අමානුෂික ප්‍රහාරයක්…
අද උදෑසන 11 ට කුඹුක්ගැටේ මංසන්ධියේදී “අලුත් පරපුර” විසින් සංවිධානය කළ “මුලාවෙන් මිදෙමු” ජන හමුවට මහින්ද රාජපක්ශ ආධාරකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කරන ලදි. එහිදී ලක්ශ්මන් විජේසේකර, සමනලී ෆොන්සේකා, උදය ධර්මවර්ධන, ඉන්ද්‍රචාපා ලියනගේ, ජගත් මණුවර්න, අමා විජේසේකර, මොහාන් රාජ් මඩවල ආදී ජනප්‍රිය කලාකරුවන් හා සමාජ ක්‍රියාකාරීන් පිරිසකට ගල් මුල් රැගත් මැරයන් පිරිසක් දිගින් දිගටම පහර දෙනු ලැබීය. එසේම රැස්ව සිටි පිරිසට මරණ තර්ජන එල්ල කරමින් කළහකාරී ලෙස හැසිරුණු පිරිස මෙහෙය වනු ලැබූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පාළාත් සභා මන්ත්‍රී දොන් කමල් ඉන්දික විසිනි. ඔහුත් සමග පැමිනි නිල් බලකායේ ටී ෂර්ට් වලින් සැරසුණු 150ක පමන පිරිසක් මෙම කළහකාරීතත්වය නිර්මාණය කරනු ලැබීය

වීඩියෝව මෙතැනින්
https://www.youtube.com/watch?v=ylvUYqdH8zQ්

Archive

Latest news

Related news