Saturday, April 20, 2024

ජනාධිපතිට යැවූ ලිපි චම්පික රණවක ප්‍රසිද්ධ කරයි

තමා විසින් ජනාධිපති රාජපක්ෂ වෙත යවන ලද ලිපි 13ක් ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක විසින් මහා ජනයාට කියවිය හැකිවන පරිදි අන්තර්  ජාලයෙහි ප්‍රසිද්ධ කර තිබේ.
මෙම ලිපි 13 හි මුඛ්‍ය අරමුණු වී ඇත්තේ රටේ උන්නතිය උදෙසා ඒ ඒ අවස්ථාවන්වලදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීම බව පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.මහින්ද රාජපක‍ෂ ආණඩුව නිසි මගට යොමුකිරීම උදෙසා තමන් විසින් ආණ්ඩුව තුළ සිටම අනේක විධ අරගලයන් ගෙන ගිය බවත් ඒ ඒ අවස්ථාවන්වලදී වාචිකව හා ලිඛිතව තමන් ඒ අදහස් ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ බවත් පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි. එහෙත් ආණ්ඩුව ඒවා තුට්ටුවකට හෝ නොසලකා දූෂිත ජාවාරම්කරුවන්ට ජනතාවගේ වරම පාවාදුන් නිසා තමන් ප්‍රමුඛ ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් එළියට ආ බව චම්පික රණවක මහතා පෙන්වා දෙයි. අදවන විට ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත්තේ තමන් වෙත කිසිඳු අවස්ථාවක කිසිඳු කැබිනට් අමාත්‍යවරයෙකු රටේ උද්ගතවූ ගැටළ්  සම්බන්ධයෙන් දැනුවත් නොකළ බවයි.

තමන් විසින් ලිඛිතව ජනාධිපතිතුමාගේ අවධානය වෙත ඉදිරිපත් කළ ප්‍රධාන ලිපි 13 ක් ලෙස – යෝජිත ත්‍රිකුණාමලයේ ගල් අඟුරු බලාගාරය, බලශක්ති මිළ ගණන් සංශෝධනය විදුලි ජනනය පිළිබඳව උදාවී ඇති හදිසි තත්ත්වයට මුහුණ දීම, විදුලි බල ශක්ති ක්ෂේත්‍රෙය්  අනාගතය වෙනුවෙන් ගතයුතු පියවර, සාම්පූර් බලාගාර ගිවිසුම, බලශක්ති ක්ෂේත්‍රෙය් මූල්‍ය අරබුධය ජයගැනීම බලශක්ති ක්ෂේත්‍රෙය් අභියෝග හා දිගු කාලීන සැලසුම්, විදුලි ගාස්තු සංශෝධනය කිරීම 1 හා 2 ක්‍රමෝපායික පනත යටතේ වූ ගැසට් නිවේදනවලට එරෙහිව ඡන්දය දීමට තීරණය කිරීම මූලික කරගත් ලිපි මෙහි අන්තර්ගත වේ.

‍‍‍‍‍‍‍‍(ඇසුර: ලංකා ෆෝකස් නිවිස්)

චම්පික රණවක මහතා ජනාධිපති තුමා වෙත යවන ලද ලිපි එකතුව මෙම දිගුවෙන් කියවිය හැකි ය. – 1

https://drive.google.com/file/d/0Bw6ttlOeBmsIeW9aZEVQX0RvVms/view?usp=sharing

Archive

Latest news

Related news