Wednesday, April 24, 2024

මහින්ද රාජපක්ෂ අත් ඔරලෝසු ලේබලයක් බවට ගරා වැටෙයි!

ශ්‍රී ලංකාවෙහි කිසි කළෙක නොදුටු අන්දමේ නිහීන පහත් පෙළේ ජනාධීපතිවරණ ව්‍යාපාරයක යෙදී සිටින රාජපක්ෂවරු දැන් ශ්‍රී ලංකාවේ ජනාධිපති අත් ඔරලෝසු ලේබලයක් බවට පත් කර තිබේ.

ලංකා ට්රුත් වෙබ් අඩවිය පළකර ඇති ජායාරූපමය වාර්තාවකින් දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ යනුවෙන් අත්සන් යොදා ඇති ඉතාම බාල වර්ගයේ ඔරලෝසු දහස් ගණනින් ජන්ද දායකයාට බෙදා හැරීම පිනිස දැන් ගෙනැවිත් තිබෙන බවයි.

රාජපක්ෂ දේශපාලනය අද කොතරම් ජරාවක් බවට පත්ව ඇත්දැයි මේ රාජපක්ෂ ලේබල් ඔරලෝසුම ප්‍රමාණවත් ය.

මෙන්න සාක්ෂි ( ලංතා ට්රුත් අඩවියෙනි)
මෙන්න සාක්ෂි ( ලංතා ට්රුත් අඩවියෙනි)

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනාධිපතිවරණයක් යනු පුරවැසියා දැනුවත් කිරීමේ දේශපාලන සංවාද විවාද මගින් ජන්ද ලබා ගැනීමේ අවස්ථාවක් වුවත් රාජපක්ෂ කැසිනෝ- එතනොල් මානසිකත්වයේ ක්‍රමය වන්නේ අල්ලස් සහ දූෂණය මගින් ජන්ද ලබා ගැනීමය.

රාජපක්ෂවරැන්ට අවශ්‍ය දැනුවත් ජන්දදායකකු නොව වාසුදේවහ මර්වින් සිල්වා මෙන් කොන්ද හතරට පහට නවා අයුබෝ වේවා කියන ජාතියේ නූගත් යටත් වැසියන් ය.

මේ මහින්ද රාජපක්ෂ ඔරලෝසු දූෂණයම රාජපක්ෂවරැන් මෙරට දේශපාලනයෙන් තොලොංචි කිරීමට කරැණකි.

© SLB

Archive

Latest news

Related news