Saturday, April 27, 2024

මනුෂ නානායක්කාර මැතිවරණ නීති කඩා ගෝටා සහ ජයසුන්දර ජන්දයට කැදවයි

එජාපයෙන් ආණ්ඩුවට ගිය මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් හෙට සඳුදා ගාල්ලේ සංවිධානය කොට තිබෙන ‘මහින්ද චින්තන – ලොව දිනන මඟ 2020 ගාල්ල’ මැයෙන් යුත් රැස්වීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් පීබී ජයසුන්දර සහභාගි වීම පැහැදිලිවම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බවත් රජිත් කීර්ති තෙන්නකෝන්  සඳහන් තිබේ.

මෙම රුස්විමෙන් පසු රාත්‍රී භෝජනය සංග්‍රයක් ද පැවැත්වෙන බව ආරාධනා පත්‍රෙය් සදහන් ය.

මේ අතර පසුගිය 26දා නියෝගයක් නිකුත් කරමින් ශ්‍රී ලංතා මානව හිමිකම් කොමිසම රාජ්‍ය නිලධාරීන් ජනාධිපතිවරණ දේශපාලන කටයුතු වලින් වැළකී සිටියයුතු බව අවධාරණය කළේ ය. එම නියෝගය  දේශපාලන අයිතීන් නැති රාජ්‍ය නිලධාරීන් කිසිදු  ජනාධිපතිවරණ ප්‍රචාරයතට සහභාගි නොවිය යුතු බවත් රාජ්‍ය දේපල අනිසි පරිහරණයෙහි නොයෙදෙවිය යුතු බවත් කියා සිටියි. එස නියෝගය මෙතැන කියවිය හැකි ය. hrcsl.lk_english_wp-content_uploads_2014_12_Letter-toAll-state-officers-SINHALA

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සහභාගි නොවන මෙන් මැතිවරණ කොමසාරිස්වරයා නියෝග කොට තිබියදීත් බොහෝ රාජ්‍ය නිලධාරීන් එය නොතකා හැර තිබෙන අතර, එය වැළැක්වීමට මැතිවරණ බලධාරීන් අපොහොසත්වී ඇති බව කැෆේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශයට පවසා ඇත.

මනුෂ නානායක්කාරගේ නීති විරෝධී රුස්වීමේ ආරාධනා පතුය මෙහි දැැක්වේ .

141228173812_galle_invitation_412x549_bbc

 

 

Archive

Latest news

Related news