Thursday, April 18, 2024

මඩකළපු මෛත්‍රී රුස්වීමේ සංවිධායකයින්ට දරුණු ප්‍රහාරයක්

(අහක බලන පොලීසියෙන් වැඩක් ඇද්ද?)

මඩකළපුව කල්ලඩි, උප්පෝඩයි සිවානන්දා ක්‍රීඩාංගනයදී හෙට සඳුදා දින පැවැත්වීමට නියමිත විපක්‍ෂ පොදු අපේක්‍ෂ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ රැළිය සංවිධානය කළ පිරිස වෙත ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව ග්ලෝබල් ටැමිල් නිව්ස් වාර්තා කරයි.

එම ප්‍රහාරයෙන් එක් අයකු අතුරුදහන්වී ඇති අතර දෙදෙනෙකුට බරපතල තුවාල සිඳුව ඇතැයි එක්සත් ජාතික පක්‍ෂයේ කල්කුඩා සංවිධායක මාසිලාමනි පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිළි කිරීම සඳහා කාත්තාන්කුඩි පොලීසියට ගිය නමුත්, පොලීසිය විසින් නිසි විමර්ශණයක් සිඳු නොකළ බවත් තම පැමිණිල්ල භාර ගැනීමටද ඔවුන් උනන්දුවක් නොදැක්වූ බවත මාසිලාමනි එම වෙබ් අඩවියට පවසා තිබේ.

තමන්ට එල්ල වූ ප්‍රහාරය ගැන ඔහු මෙසේ  පවසයි:

මඩකළපුව කල්ලඩි උප්පෝඩයි සිවානන්දා ක්‍රීඩාංගනයදී හෙට දින පැවැත්වීමට නියමිත පොදු රැස්වීම සඳහාවූ සංවිධාන කටයුතු සිඳු කිරීමට අද උදෑසන අප ආධාරකරුවන් 8 දෙනෙකු සමඟ එහි ගියා. ඒ වෙලාවේ ්වාහන දෙකකින් ටි-56 වර්ගයේ ගිනි අවි, කඩු සහ පොලු රැගෙන පැමිණි පිරිසක් සංවිධායක කටයුතුවල නිරතව සිටි අයට දරැණු ලෙස පහර දුන්නා

‘‘එම පහරදීමෙන් ක්‍රිෂ්ණකුමාර් ශ්‍රීකාන්ත්, නාගරාජා සසිකුමාර්, යන දෙදෙනාට බරපතල තුවාල සිඳු වුනා,  කන්දසාමි රාසා නැමැත්තා අතුරුදහන් වෙලා . අපි ඔවුන් පැමිණි වාහනවල අංකය පවා  පොලීසියට ලබාදුන්නා.  නමුත් පොලීසිය එම වාහාන අත් අඩංඟුවට ගැනීමට කිසිදු පියවරක් ගත්තේ නැහැ‘‘

පොලීසියම  ආරක්‍ෂාව ලබාදීම ප්‍රතික්‍ෂේප කරන්නේ නම් රැස්වීම පැවැත්වීමට නොහැකි වනු ඇතැයි ද ඔහු පවසා තිබේ්‍.

Archive

Latest news

Related news