Tuesday, July 16, 2024

මුස්ලිම් කොන්ග්‍රසයත් මෛත්‍රීට

මෙවර ජනපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබ දෙන බව මුස්ලිම් කොන්ග්‍රසය ප්‍රකාශ කරයි.

අද උදෑසන පැවැති මාධ්‍ය සාකච්ජාවක දී එහි නායක රවුප් හකීම් විසින් මේ බව ප්‍රකාශයට පත් කරන ලදී.

මෙ අනුව රවුප් හකීම් සිය මංත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වනු ඇත.

මේ අතර ආන්ඩුවේ තවත් මුස්ලිම් ඇමැතිවරයකු වන ෆයිසර් මුස්තාපා ද අඅද හෝ හෙට මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කැරේ.

මුස්ලිම් කොන්ග්‍රසය ඉවත්වීමත් සමඟ පාර්ලිමේන්තු මංත්‍රීවරු 08දෙනෙක් පළාත් සභා මංත්‍රීවරු 13දෙනෙක් සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් 163 දෙනෙකු රාජපක්ෂවරුන්ට අහිමි වෙයි.

මේ අතර මුස්ලිම් කොන්ග්‍රසයේ ඉවත්වීමත් සමඟ ගෝඨාභය රාජපක්ෂ විසින් අන්තවාදී බොදු බල සේනාව රාජපක්ෂගේ සහායට කැඳවා තිබේ.

© SLB

Archive

Latest news

Related news