Thursday, April 18, 2024

දෙවි රූවක මත ප්‍රතිඥා ගෙන රු.2500 බැගින් යාපනයේ ජන්ද අල්ලස්

(යාපනයේ ඊපීඩීපී කාර්යාලය)

ඉදිරියදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයදී මහින්ද රාජපක්‍ෂ මහතාට ජන්දය ලබා දෙන්නයි ඉල්ලා යාපනයේ සෑම පවුලකටම රු.2500/= බැගින් මුදලක් ආණ්ඩු පාර්ශිකයන් විසින් බෙදා දෙමින් සිටින බව ග්ලෝබල් ටැමිල් නිව්ස් වාර්තා කරයි.  සමෘධි බැංකු රුස්වීම් වලට කැඳවා EPDP පක්‍ෂයේ ප්‍රාදේශීය සංවිධායකයන් විසින් මෙම මුදල් බෙදා දෙන බව එය වාර්තා කරයි.

තමිල්නාඩුවේ සිඳුකරන අයුරින් මහින්ද රජපක්ෂට ජන්දය ලබා දෙන්නයිදෙවියන්ගේ රූපයන් ඉදිරියේ ප්‍රතිඥාව ලබාගන්නා බවට ඵලය ලබාගත් කාන්තාවක් එම වාර්තාකරුට පවසා තිබේ.

සමෘධි ලාභීන්ගේ රැස්වීමකට එන්නැයි ජනතාවට දන්වා එහිදී ඊ.පි.ඩි.පි පක්‍ෂයේ සංවිධායකයන් මැතිවරණ ප්‍රචාරයන් කරමින් මුදල් බෙදා දෙනු ලැබේ.

එසේ නමුත් එම කාන්තාව පවසා ඇත්තේ ඔවුන් කියූ පලියට අපගේ ජන්දයේ  වෙනසක් නොවන බවත්, පළාත් සභා මැතිවරණයදී ඔවුන් පාඩමක් ඉගෙන ගත අන්දමින්ම මෙවරද පාඩමක් ඉගෙන ගන්නා බවයි.

26 දින  දින සව ආරම්භවූ මෙම මුදල් බෙදා හැරීමේ කටයුතු 27  දිනද පවත්වාගෙන යන බවට පැවැසීම නිසා  නිවාඩු දිනයක්වූ අද සෙනසුරාදා දිනයෙහි දීද බොහෝ පිරිසක් සමෘධි බැංකු ඉදිරිපිට එක්රැස්වී සිටි බව ග්ලෝබල් ටැමිල් නිව්ස් වාර්තා තරයි

 

Archive

Latest news

Related news