Friday, March 29, 2024

කැරලි මර්ධන පොලිස් ඒකක පිහිටුවීම මැකො යටතට ගන්න – සිකුරාදා සංසංදය

පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් සඳහන් කර ඇති පරිදි ජනාධිපතිවරණය ආසන්නයෙහි මැතිවරණ ආසන 152 ආවරණය වන සේ කැරලි මර්ධන ඒකක පිහිටුවීමට කර ඇති යෝජනාව අනුව එම ඒකක තමා යටතට ගන්නැයි සිතුරාදා සංසංදය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරයි. එය තවදුරටත් කියන්නේ එම ඒකක උපදෙස් ලබා ගත යුත්තේ ද මැතිවරණ කොමසාරිස්වරයා ගෙන් බවයි.

සිකුරාදා සංසංදය යනු ශ්‍රී ලංකාවෙ විද්වත් පුරවැසියන් කණ්ඩායමක් විසින් යහ පාලනය උදෙසා කටයුතු කිරීම පිණිස පිහිටුවා ගෙන ඇති එකතුවකි.

මැතිවරණ පනත යටතේ මැතිවරණ දූෂණ ලෙස සඳහන් කැරෙන සිදුවීම් භාෂා තුනෙන්ම පුවත්පත් හි පළ කරන ලෙසත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රීයා වාර්තා කිරීමට දී ඇති විද්‍යුත් ලිපිනය බාසා තුනෙන්ම සහජායාරූප සහ විඩියෝද ලබා ගත හැකි පරිදි සකස් කරන ලෙසත් සිකුරාදා සංසංදය ඉල්ලා සිටී.

එමෙන්ම මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා සහ දූෂණ සම්බන්ධයෙන් අපක්ෂපාතීව ක්‍රියා කළ යුතු බව සියළුම පොලිස් නිලධාරීන්ට දැනුම් දෙන ලෙසත් එය මැකොට දන්වා තිබේ.

© SLB

Archive

Latest news

Related news