Saturday, April 26, 2025

ඇයි මට ම බනිනනේ? රාජපක්ෂ හඬා වැටෙයි (විඩියෝ)

අපි හැම වරදක්ම කරලා තියෙනවානම් මෙයාලත් ඒකට සම්මාදම් වෙලා තියෙනවා. මේ හැම එක්කෙනාම කරන වැරදිවලට ඇයි මට බනින්නේ.” යනුවෙන් ඊයේ (26) පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමකදී මහින්ද රාජපක්ෂ ඉතා දුකසේ කියනු පත විඩියෝවෙන් දැක ගත හැකි ය‍

ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සාධකයක් බවට රාජපක්ෂවරුන්ගේ වංචා සහ දූෂණ පත්ව තිබිම නිසා ජනාධිපති රාජපක්ෂ පත්ව ඇති අසරණබව මෙම කතාවේ ස්වරයෙන් ද ඔහුගේ මුහුණේ ඉරියව්වලින් ද දැක ගත හැකි ය.

ආණ්ඩු බලය මෙනම ආන්ඩුවේ මුද්ල පරිහරණය ද සිය පවුල් අත තබා ගෙන සිටින රාජපක්ෂ දැන් ලැහැස්ති වෙන්නෙ අමාත්‍ය මංඩලයේ සාමුහික වගකිම පෙන්වා බෙරීමට ය.

රාජපක්ෂට ඇමැති මංඩලයක් තිබෙන බව මතක් වී තිබෙන්නේ තමාට එරෙහිව එල්ල වන වංචා දූෂන නිසා විතර ය.

Archive

Latest news

Related news