Friday, April 26, 2024

හම්බන්තොට මැර ප‍්‍රහාරයට ලංකා ජාත්‍යන්තරයේ විරෝධය

(මාධ්‍ය නිවේදනයකි)

හෙලා දැකීම හා විරෝධය පෑම ද සාමාන්‍යකරණය වෙමින් හිංසනය සංස්කෘතියක්  වී ඇති ලංකා දේශපාලන සංස්කෘතිය විෂම චක‍්‍රයක් වී ඇත. ශිෂ්ට සම්පන්න සමාජයක් අවශ්‍ය යැයි නොහැගෙන  ලෙස මෝහනයකට පත් කර ඇති සමාජයක  ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ වගකීම හා යුතුකම  වන්නේ සමාජයේ මරනින්ද බිඳ දැමීමය.

ඒකාධිපති මහින්ද රාජපක්ෂ රෙජීමයේ අත්තනෝමතික ජඩ පාලනයට එරෙහිව මේ මොහොතේ නැගී සිටීම සඳහා ඉදිරිපත්වන මිනිසුන්ගේ හඬ කායිකව හා මානසිකව මර්ධනය කිරීම මෙම ජනාධිපතිවරණයේ පෙර නොවූ විරූ    ප‍්‍රවණතාවක් වී ඇත.

එය සලකුණු කරන ගැනිය නොහැකි සිදුවීම් අතර පසුගිය දා  ම්ලේච්ඡු ලෙස එප්පාවලදී පහර කෑමට ලක්වූ ජයතිලක බණ්ඩාර ඇතුලූ කලාරුවන් ද ඉන් අනතුරුව ද හම්බන්තොට දී නැවත වතාවක් ඔහුට හා විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක, මාධ්‍යවේදී  සම්පත් සමරකෝන්, මානව හිමිකම් ක‍්‍රියාකාරී පිලිප් දිසානායක හා ප‍්‍රසංග ප‍්‍රනාන්දු ඇතුලූ පිරිසකට පහරදීම ශිෂ්ට සම්පන්න සිවිල් සමාජයක් උදෙසා වූ ලංකා ජාත්‍යන්තරය (ඛ්බන්බ ෂබඑැරබ්එසදබ්ක දෙර ක්‍සඩසකසිැා ීදජසැඑහ* මේ මොහොතේ දැඩි ලෙස අවධාරණාත්මකව හෙලා දකිමින් මෙම මර්ධනයට එරෙහිව හඬ නඟන්නෙමු.
`
දින කිහිපයක් පමණක් ඉතිරිව ඇති ජනාධිපතිවරණයේ දී සිදුවිය හැකි මර්ධනයන්  හා හිංසනයන්  මීට එහා යමින් මිනිස් ජීවිතයන් ද විනාශකරමින් රාජපක්ෂ පාලනයේ බලය නඩත්තු කිරීමට පියවර ගනු ඇත. එය වැලකීම පිණිස අප හැමගේ සක‍්‍රීය දායකත්වය අවශ්‍යව ඇති අතර නිහඬබවත්, මෝහනයත් නින්දත් බිඳහැර ශිෂ්ට සම්පන්න මිනිසුන් සහිත සමාජයක ඇති සිහිනය යථාර්ථයක් බවට පත් කර ගත යුතු වන්නෙමු.

ඔබ අපට සිහින දකින්නෝ යැයි කියනු ඇත !

එහෙත් ඒ අප පමණක්ම නොවනු ඇත !

LICS

 

 

 

 

වෙනුවෙන්

රංජිත් හේනායකආරච්චි

 

Archive

Latest news

Related news