Thursday, April 25, 2024

එල්ටිටීඊ මනසැති කණ්ඩායම් ජන්ද වර්ජනයකට සැරසේ

ශ්‍රී ලංකාවතුල මෙන්ම විදෙස්ගතව ද සිටින එල්ටීටීඊ මනැසැති පිරිස් එළමෙන ජනාධිපතිවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබේ. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නායකත්වය දරන දෙමළ ජාතික මහජන පෙරමුණ නම් කුඩා පක්ෂ අද යාපනයේ දී ජන්දය වර්ජනය කරන ලෙස දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

එළෙස තීරණයකට එම සංවිධානයට ඇති අයිතිය ප්‍රශණ කළ නොහැක. එමෙන්ම එම තීරණය පිටුපස ඇති හේතු විවාද කිරීමට ද අයිතියක් තිබේ.

මෙම පිරිස්හි තර්කය සහ 2005 වසරෙහිදී ප්‍රභාකරන් විසින් ඉදිරිපත් කරන ලද තර්ක අතර වෙනසක් නැත. තර්කය නම් දෙපිරිසම වැඩකට නැති බවයි. නමුත් සැබැ තර්කය නම් ජනාධිපති රාජපක්ෂ බලයේ සිටීම දෙමළ ඊළම ලබා ගැනීමට වාසිදායක වනු ඇතියි යන්නය.

දෙමළ ඩයස්පොරාවේ ප්‍රංශයේ එක් ප්‍රධාන ක්‍රියාකාරිකයකු පසුගියදා දෙමළ බසින් ලිපියක් ලියමින් කියා සිටියේ යුද්ධ අපරාධ චෝදනා ඉදිරිය ගෙන යා හැක්කේ මහින්ද රාජපක්ෂ බලයේ සිටියොත් පමණක් බැවින් මෙවර ඔහු බලයට පත් කිරිමට කටයුතු කළ යුතු බවය. මෙවැනි දෙමළ ඩයස්පෝරා පිරිස් වලට දෙමළ ජාතික ප්‍රහ්ණය යනු හිඟන්නාගේ තුවාලයකි.

හිටපු එල්ටීටීඊ නායකයකුගේ බිරිඳවන දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මංත්‍රී ආන්නදි සසිදරන් මෙම මතය දෙමළ ජාතික සන්ධානය තුළ ජයග්‍රහණය කරවිමට දැරූ තැත සහමුලින්ම පරාජය විය. ඇයගේ විදේශීය සහකරුවන් අතර ඩග්ලස් දේවාන්නද සමඟ කිට්ටු සබඳතා පවත්වන ගුප්ත ඩයස්පෝරා තරුණයෙක් ද සිටිති. දැන් සසිදරන් මැතිවරණ වර්ජවන ව්‍යාපාරයට එක් වනු ඇතැයි යාපන ආරංචි මාර්ග කියයි.

අද අප අත්දකින වර්ගයේ දේශපාලන මොහොතක් ඇති වන්නේ කලාතුරකිනි. මෙරට දෙමළ දේශපාලන පක්ෂ එම මොහොත අල්ලා ගනු වෙනුවට එල්ටිටිඊ මැතිවරණ වර්ජනයම ක්‍රියාවට නගන්නේ නම් මෙරට දෙමළ ජනතාව වැටෙනු ඇත්තෙ කබලෙන් ලිපට ය.

Archive

Latest news

Related news