Thursday, April 18, 2024

මෛත්‍රී දිනන බව අන්තර් ජාල මත විමසුමෙන් 76%ක් කිය යි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙහි ජනමත විමසුම් අංශය වන සෝෂල් ඉන්ඩිකේටර් ආයතනය මගින් පවත්වන ලද අන්තර් ජාල මත විමසුමට අනුව මෙම අවස්ථාවෙහි ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නම් සියයට 76ක් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාශ කරයි.

මෙම මත විමසුමෙහි අරමුණ ජනාධිපතිවරණ ප්‍රතිපළ පූරෝකථනය කිරිම නොවන බවත් ජනාධිපතිවරණය පිළිබද මත රුස් කිරිම මගින් දැනට කෙරි ගෙන යන සාකච්ජා වැඩ දියුණු කිරිම බවත් විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රය පවසයි. එමෙන්ම මෙම ප්‍රතිපල සාමන්‍යකරණය කළ නොහැකි බව ද එය පවසයි.
මත විමසුමට 1,394 දෙනෙකු සහභාගි වි තිබේ.

සහභාගිවූවන්ගෙන් සියයට 51.71ක් ජනාධිපතිවරණයේ ප්‍රධාන අවධානය විය යුත්තේ වංචා දූෂන යැයි කි අතර සියයට 20.83ක් ආර්ථිකය ද 19.08ක් ව්‍යවස්ථා සංසෝධනය ද 8.38ක් මානව හිමිකම් ද ප්‍රධාන අවධානය විය යුතු යැයි කිහ.

හෙට ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නම් මහින්ද රාජපක්ෂ ජයගනු ඇතැයි සියයට 23.94ක් ද මෛත්‍රිපාල සිරිසේන ජයගනු ඇතැයි සියයට 76ක් ද විශ්වාස කළහ.
සියයට 93.3ක්ම දේශපාලන පැති මාරු මගින් වාසිය ඇත්තේ මෛත්‍රිපාල සිරිසේනට යැයි කිහ.

මත විමසුමේ ප්‍රතාපල
මත විමසුමේ ප්‍රතාපල

අන්තර් ජාලයේ මුහුණ පොත සහ ට්විටර් වැනි සමාජ ජාලය වේදිකාවන් කුමන අපේක්ෂකයාට ජන්දය දිය යුතු දැයි තීරණාත්මක ජන්ද දායක කණ්ඩායම වන තරුණ පිරිස්වලට තිරණය කිරිමට බලපානා බව සියයට 48.06ක් කිහ. අන්තර් ජාලයේ සමාජ ජාලයන් මහත් බලපෑමක් සහිත යැයි සියයට 38.02ක් කි සියයට 7.82ක් ඉන් බලපෑමක් නැතැයි කිහ.

ජනවාරි 08වනදා ජන්දය දිමට යෑම සිත්දෙන කරුණ කුමක්දැයි විමසූ විට බහුතර පිළිතුර වූයේ දූෂණය නැති කිරිම සහ රටට වෙනසක් ගෙන ඒම බවයි.
මුල් ඉංගිසි වාර්තාව මෙහි කියවන්න

Archive

Latest news

Related news