Thursday, April 25, 2024

යුක්තිය කෝ මැකෝ ? විපක්ෂය උපවාසයේ

ඡන්ද නීතිය හරියට ක්‍රියාත්මක නොවෙතියි කියමින් එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා සිවිල් සංවිධාන රැසක් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සිට උද්ඝෝෂණයක නිරත විය.

කෝ මැකෝ යුක්තිය වැනි පුවරු ඔසවාගෙන දහසකට වැඩි පිරිසක් එහි රැස්ව සිටියේ.

ඇතැම් පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය අමු අමුවේම ඡන්ද නීති කඩන නමුත් මැතිවරණ කොමසාරිස්වරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකියන බවට ඔවුහු චෝදනා කරති.

එක්සත් ජාතික පක්ෂයේ එරාන් වික්‍රමරත්න, සුජිව සේනසිංහ මන්ත්‍රීවරුද, ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අනෝමා ෆොන්සේකා ආදීහුද මේ සඳහා එක්ව සිටියහ.

මෙම අවස්ථාවට සහභාගිවූ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලි චම්පික රණවක මහතා මෙසේ කියයි.

‘‘මෙතෙක් පැවැත්වූ මැතිවරණ වලින් ත්‍රස්තවාදී බලපෑමක් සන්නද්ධ බලයක් නොමැතිව පැවැත්විය හැකි පළමු ජනාධිපතිවරණය මෙයයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට සෑම ජනයාටම නිදහසේ තමන්ගේ රාජ්‍ය නායකයා තෝරාගැනීමට හැකියාව ඇති වටපිටාවක් සැකසී තිබේ. යුක්ති සහගත බව, සම අවස්ථා කාටත් ලැබිය යුතුය. ආරක‍්ෂක අංශය යොදා ගනිමින් කටවුට් ගසමින් ජනතාවට රාජපක‍ෂ පාලනය විසින් බලපෑම් කරමින් සිටියි. ජනතාවගේ පෙට්‍රල්, ඩීසල්, කිරිපිටි වලින් ගන්නා මුදල් වලින් ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සිදුකරමින් අනෙකුත් පාක‍්ෂිකයින්ට ආරක‍්ෂක අමාත්‍යාංශයත් මැදිහත්කර ගනිමින් බලපෑම් කරයි‘‘

– ශ්‍රී ලංකා මිරර්

යුක්තිය කෝ මැකෝ

Archive

Latest news

Related news