Friday, April 19, 2024

අනුරාධපුරේ රැළියට ලංගමේ බස් කුලිය පමණක් ලක්ෂ 250; මුළු වියදම ලක්ෂ 700 පනී.

(රාජපක්ෂ අනුරාධපුර රුස්වීමට සෙනඟ ඇදපු ලංගම බස් )

පසුගිය දා අනුරාධපුරයෙහි පැවැත් වූ ජනාධිපති රාජපක්ෂගේ ප්‍රථම ජනාධිපතිවරණ රැළිය සඳහා ලංගම බස් රථ සඳහා පමණක් රුපියල් ලක්ෂ 250ක් ගෙවූ බවට ආණ්ඩු පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාගේ විමසුමකට පිළිතුරු වශයෙන් සඳහන් කොට තිබේ.

බස් රථ කුලියට ලබා ගැනීමට අදාළව රුපියල් මිලියන 25ක් වටිනා ගෙවීම් ලේඛන තමා වෙත ලැබුණු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.

මෙම රුළිය සඳහා අ.පුර මහජන ක්‍රීඩාංගනය බිම කොනක්‍රීට් කිරිමට පමණක් වියදම රුපියල් මිලියන 10ක් ඉකමවනු ඇතැයි කලින් වාර්තා විය.

බස් රතවලින් රුස්විමට ගෙන ආ බෙහෝ පිරිස්වලට කැම පැකට් සහ අරක්කු බාගයක් සඳහා කාඩ් පත් ද බෙදා දෙනු ලැබුණි. එක් අයකු සදහා අවම වශයෙන් රුපියල් දහසක කෑම සහ බීම වියදමක් දරනු ලැබුවේ යැයි උප කල්පනය කළ ද බස් රථවලින් ගෙන එන ලද දහස් සංඛ්‍යාත පිරිසට තවත් ලක්ෂ දෙතුන් සියයක් ලෙහෙසියෙන්ම වැය වන්නට ඇත.

මෙම රුස්විම සඳහා කරන ලද ප්‍රචාරක වියදම දළ වශයෙන් රුපියල් මිලියන පහක් වත් වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මේ අනුව අඩුම වශයෙන් රාජපක්ෂගේ ප්‍රථම රුස්විම සඳහා දරන ලද මුදල අවම වශයෙන් මෙසේ ය.

ලංංගම බස් රථ සදහා ලක්ෂ 250
ක්‍රීඩාංගනය කොන්ත්‍රීට් කිරිමට ලක්ෂ 100
කෑම සහ බීම ලක්ෂ 300
ප්‍රචාරය ලක්ෂ 050

එකතුව 700

Archive

Latest news

Related news