Wednesday, May 8, 2024

දකුණු පළාත් සභාවෙන් ජන්දයට ගුරු පත්වීම් – ජෝසප් ස්ටාලින්

(ලංකා ගුර  සංගමයේ  ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්)

දකුණු පළාත් අධ්‍යාපන ඇමති  විසින්  ස්වේච්ඡා ගුරුවරු 175ට ගුරු සහායක ලෙස පත්වීම් ලබාදී ඇති බවත් මෙම පත්විම් මැතිවරණ න‍ීති මෙන්ම  ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට ද පටහැනි  ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. මේ සම්බන්දයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම දුන් බව ලංකා ගුර  සංගමයේ  ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

සම්පූර්ණ නිවේදනය පහත පළවේ

දකුණු පළාත් අධ්‍යාපන ඇමති මැතිවරණ නීති උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ගුරු සහායක පත්වීම් ලබාදෙයි.

දකුණු පළාත් අධ්‍යාපන ඇමති චන්දිම රාසපුත‍්‍ර මහතා විසින් 2014.12.15 දින ලබුදූව දක්ෂිණපාය කාර්යාල සංකීර්ණයේ පැවති උත්සවයකදී දකුණු පළාතේ පළාත් සභා පාසල්වල ස්වේච්ඡා ගුරුවරු ලෙස කටයුතු කළ 175ට ගුරු සහායක ලෙස පත්වීම් ලබාදී ඇත.

දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ අත්සනින් යුතු 2014.12.05 දිනැති ලිපියකින් 2014.12.15 දින සිට කි‍්‍රයාත්මක වන පරිදි මෙම පත්වීම් ලබාදී ඇත. මෙසේ මැතිවරණයක් ප‍්‍රකාශයට පත්ව ඇති අවස්ථාවක පත්වීම් ලබාදීම පැහැදිලිවම මැතිවරණ නීති උල්ලංඝණ කිරීමක් බව පෙන්වා දෙමු.

එසේම ගුරු සහායක පත්වීම් ලබාදීම ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට ද පටහැනි කි‍්‍රයාවකි. ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථා සංග‍්‍රහයට අනුව ගුරු සහායකයින් ලෙස බඳවා ගැනීම් කළ නොහැකිය. මේ අනුව පැහදිලි වන්නේ ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථා සංග‍්‍රහය ද අමු අමුවේ ම උල්ලංඝණය කරමින් මැතිවරණ සමයේ දේශපාලන වාසි තකා මෙම පත්වීම් ලබා දී ඇති බවය.

දකුණු පළාත් රාජ්‍ය සේවය තුළ මෙම මැතිවරණ සමයේ ආණ්ඩු පක්ෂයට දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මැතිවරණ නීති උල්ලංඝණය කරමින් තවත් පත්වීම් ගණනාවක් ලබා දී ඇත. මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ලංකා ගුරු සංගමය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්රු

Archive

Latest news

Related news