Friday, April 19, 2024

රාජපක්ෂ ජංගි කටවුට් ඉවත් කරනු! මැකෝට ලිපියක්

පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන් හි ජනතාව “ජංගි කටවුට්‘ නමින් හදුන්වන ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මුහුණ අඩක් රෙදි කඩමාඵ, කඩදාසි, ඉටි රෙදි වලින් ආවරණය කරන ලද කටවුට් ඉවත් කරන ලෙස කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් 13.12.2014 දින  ඉල්ලා සිටින ලදී.
හලාවත, අනුරාධපුර, රත්නපුර, කඩවත ප්‍ර දේශවල මෙවැනි අඩක් වසා දමන මැතිවරණ නීතියට පටහැනි කටවුට් සවිකොට ඇත. මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් සවි කොට ඇති බැවින් මෙම කටවුට් සදහා දැඩි වෙහෙසක් දරමින් රෙදි කඩමාලු එල්ලන්නේ ද පොලිස් දෙපාර්තමේන්තුව විසින් මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් ප්‍රතිපාදන යොදා ගනිමිනි.
අනුරාධපුර නගරය වටේ පමණක් මෙවැනි කටවුට් 48 ක් පවතී.

කැෆේ සංවිදිනය මැකොට යැවූ ලිපිය

මැතිවරණ ෙකාමසාරිස්තුමා
මැතිවරණ ෙදපාර්තෙම්න්තුව

හලාවත සහ ආරච්චිකට්ටුව ‘ජංගි කටවුට්‘ සම්බන්ධයෙනි.

කොළඹ සිට වව්නියාව දක්වා වන මාර්ගයේ මේ දක්වාම ඉවත් කොට නොමැති කටවුට් වැඩිම ප්‍රමාණයක් ස්ථාපනය කොට ඇත්තේ හලාවත සහ ආරච්චිකට්ටුව ප්‍ර දේශයන් හි දී  බව කැෆේ සංවිධානයේ නිරීක්ෂණයයි.
ප්‍රදේශයේ ජනතාව මෙම කටවුට් වලින් කොටසක් හදුන්වන්නේ ‘ජංගි කටවුට්‘ නමිනි. ඒ නම පට බැදීමට හේතුව විමසීමේ දී කටවුට් එකේ සැගවිය යුතු කොටස වසා දැමීමට රෙදි කෑලි භාවිත කිරීමත්, ඒවා සුළග හමන විට යටි කොටස නිරාවරණය වී පෙනෙන නිසා බවත් දැන ගතිමි.
මෙම ‘ජංගි කටවුට්‘ කිහිපයක ඡායාරූප මේ සමග යොමු කරමි.  ඒවා ඉවත් කිරීමේ අවශ්‍යතාවට අද දින පුත්තලම දිස්ත්‍රික් ලේකම්තුමාට සහකාර මැතිවරණ කොමසාරිස්තුමා හමුවේ ද මම අද දින ප්‍රකාශ කළෙමි.
තවත් පුදුමයට කරුණක් නම් හලාවත නගර මධ්‍ය යේ ඇති කටවුට් එකක් පාමුල අති නවීන පොලිස් බයිසිකලයක් නවතා තැබීමයි.  ඒ පිළිබද විමසීමේ අසන්නට ලැබුනේ රිය අනතුරු වලක්වා ගැනීමට මිස මෙම කටවුට් එකට ආරක්ෂාව සැලසීම සදහා නොවන බවයි.
ඔබගේ දැන ගැනීම සහ මේ ‘ජංගි කටවුට්‘ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට ඔබගේ කාරුණික අවධානය සදහා ඉදිරිපත් කරමි.
මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

රාජපක්ෂ ජංගි කටවුටරාජජපක්ස ජංගි කටවුට්

Archive

Latest news

Related news