Thursday, March 28, 2024

ජනාධිපතිවරණය 2015: ශී‍්‍ර ලාංකේය කලාකරුවන් හා බුද්ධිමතුන් වෙත පුරවැසි බලය කරන ආයාචනය

ශී‍්‍ර ලංකාවේ කලා හා සංස්කෘතික ක්ෂේත‍්‍රය තිරසාර ලෙස සංවර්ධනය වීම පිණිස ඉවහල් වන මූළික අවශ්‍යතා හඳුනා ගනිමින් එ්වා සම්පූර්ණ කර ගැනීම සඳහා ‘‘පුරවැසි බලයට’’ අනුබද්ධ කලාකරුවෝ සංවිධානගතව සිටිති.

‘‘කලා හා සංස්කෘතික ක්ෂේත‍්‍රයන් සංවර්ධනය කිරීම’’ යනු කලාකරුවන්ට නිවාස, ඉඩකඩම්, රථවාහණ, තානාන්තර හෝ තාන්නමාන්න ලබා දීමත්, අසීමිතව ලාබ ප‍්‍රයෝජන ගරාගැනීමට ෙදාරටු විවෘත කර දීමත්, භෝජන සංග‍්‍රහ පවත්වමින් ඔවුන් බොළඳ සතුටකට පත් කොට ඔවුන් දීන වන්දිභට්ටයින් බවට පත් කර ගැනීමත් නොවේ.

විනෝදකාමට වඩා උසස් රස වින්දන ශක්‍යතාවක් සහිත කලා භාවිතයක් සමාජගත වෙමින් කලා සහ කලාකරුවන්ගේ අදීන චිර පැවැත්ම සහතික වන වෙළඳපොල පසුබිමක් නිර්මාණය වීමට අවශ්‍ය මූළික කාරණා සම්පූර්ණ නොකරණ, කලාකරුවාගේ නිදහස සහ නිර්මාණකරණයේ ස්වාධීනත්වය වළලා දැමුණු සමාජ පරිසරයක් තුළ මිළයන ගණන් මදල් ණයට ගෙන වැය කරමින් පිරිහෙන කලා ක්ෂේත‍්‍රයක් සඳහා ගොඩනැගිලි සහ රඟහල් ඉදිකිරීමද මුලාවකි.

එබැවින්, මෙහි දැක්වෙන පොදු අපේක්ෂාවන් සැළසුම් සහගත, දීර්ග කාලීනව ප‍්‍රතිඵල ලබා දෙන, තිරසාර පදනමක් ඇතිව ඉටු කර ගැනීමට ‘‘පුරවැසි බලය’’ කලාකරුවෝ ඇප කැප වෙති.

අඩ සියවසක කාලයක් පුරා ඉටු නොවී පවතින මෙම පොදු අවශ්‍යතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කරණ ලද අතර ඔහු බලයට පත් වූ පසුව එ්වා කි‍්‍රයාත්මක කිරීමට එකඟ වන බවට සහතික වෙමින් මෙම ලියවිල්ලේ පහත දැක්වෙන සටහන තබා තම අත්සනද යෙදීය.  මේ නිසා ‘‘පුරවැසි බලය’’ කලාකරුවන් වශයෙන් අපි මෙම ජනාධිපතිවරණයේදී එ් මහතාට සහාය දක්වන්නෙමු.

‘‘පුරවැසි බලය’’ ජනාධිපතිවරණයට පමණක් සීමා වූ තාවකාලික සංවිධානයක් නොව පහත දැක්වෙන අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේ

පොදු එ්කායන අරමුණ ජයගැනීම සඳහා අඛණ්ඩ කි‍්‍රයාදාමයක් පවත්වාගෙන යන කලාකරුවන්, බුද්ධිමතුන් සහ සමාජ කි‍්‍රයාධරයින්ගෙන්

සමන්විත බලවේගයකි.  දීනත්වයෙන් තොර ස්වාධීන කලා හා සංස්කෘතික ක්ෂේත‍්‍රයක් බිහිකර ගැනීම සඳහා මෙම බලවේගය වඩාත්

ශක්තිමත් කිරීමට අප හා එක් වන ලෙස ඔබට සහෝදරත්වයෙන් ආරාධනා කරමු.

ඉහත තැපැල් ලිපිනයට හෝ [email protected] ඊ-මේල් ලිපිනයට ඔබේ එකඟතාව සම්පූර්ණ නම, ලිපිනය, දුරකථන අංකය සහිතව දන්වන්න.  නැතිනම් 0717776644 ජංගම දුරකථන අංකයට කතා කර හෝ ීඵී කර දන්වන්න.

‘‘පුරවැසි බලය’’ කලාකරුවන්ගේ පොදු අපේක්ෂා

(1) ශී‍්‍ර ලංකාවේ ජීවත් වන සිංහල, දමිළ, මුස්ලිම් ඇතු`ඵ සිය`ඵ ජනවර්ගයන්ට අයත් කලාකරුවන්ගේ ස්වාධීනත්වයත්, ඔවුන්ගේ කලා නිර්මාණකාර්ය සඳහා අත්‍යවශ්‍ය වන ස්වාධීනත්වයත් රාජ්‍ය මට්ටමින් පිළිගනිමින් එය තහවුරු කිරීම හා ආරක්ෂා කිරීම.

(2) රට භෞතික (හා තාක්ෂණික* වශයෙන් සංවර්ධනය කිරීමේදී සංස්කෘතික සංවර්ධණයද එ් හා බද්ධවීමේ අත්‍යවශ්‍යතාව පිළිගනිම්න් එය ඉටු කිරීමට කටයුතු කිරීම.

(3) එම කාර්යයෙහි ලා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ජාතික වශයෙන් ඉටු විය යුතු කාර්යභාරය නිශ්චය කොට තහවුරු කරමින් එමගින් කලා ක්ෂේත‍්‍රයන්හි අවශ්‍යතා ඉටු කිරීම පිණිස එම අමාත්‍යාංශය රටේ සංවර්ධනයට උර දෙන ප‍්‍රධාන අමාත්‍යාංශයක් බවට පත් කරමින් ඊට වාර්ෂික ජාතික අයවැයෙන් ලබා දෙන ප‍්‍රතිපාදන වැඩි කිරීම.

(4)කලා නිර්මාණයෙහි ප‍්‍රවර්ධනය සඳහා අවශ්‍ය වන භෞතික හා මූල්‍යමය සම්පත් මේ රටේ ජීවත් වන සෑම ජනවර්ගයකටම අයත් කලාකරුවන්ට ලබා දීම.

(5) පසුගිය ගැටුම්කාරී සමාජ වාතාවරණය නිසා නිර්මාණය වී සිංහල හා දමිළ කලාකරුවන් අතර තවමත් පවතින පරතරය අවම කරමින් ඔවුන් අතර සහජීවනය වර්ධනය වීමටත්, ජාතික මට්ටමින් ගැටුම් කාලයට පෙර පැවති සහජීවනාත්මක නිර්මාණකරණය වර්ධනය වීමටත් අත්‍යවශ්‍ය වන පසුබිමක් සළසා දෙමින් ඊට අවශ්‍ය වන පහසුකම් සැපයීම.

(6) නාට්‍ය, සිනමා, නර්තන, සංගීත, චිත‍්‍ර ආදී වූ කලාවන්හි සුරක්ෂිතතාවත්, සංවර්ධනයත්, පැවැත්මත් ජාතික වශයෙන් අත්‍යවශ්‍ය වන බැවින් එ්වා රාජ්‍ය හා ජාතික මට්ටමේ පිළිගැනීමකට ලක් කිරීම.

(7) ‘‘කලා ක්ෂේත‍්‍ර සංවර්ධනය කිරීම’’ යනුවෙන් අදහස් කරන්නේ හුදෙක් (රඟහලවල් ආදී* ගොඩනැගිලි ඉදිකිරීම හෝ කලාකරුවන්ගේ (යානවාහන, ඉඩම්, නිවාස, රැුකියා ආදී* පෞද්ගලික  ඕනෑ එපාකම් ඉටු කිරීම හෝ සුභසාදනය පමණක් නොවන බැවින් එම කලා ක්ෂේත‍්‍රයන්හි දීර්ග කාලීන පැවැත්ම තහවුරු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම.

(8) නාට්‍ය කලාව, නර්තන කලාව, සංගීතය, චිත‍්‍ර ආදී සෞන්දර්ය විෂයයන් පාසල් හා විශ්වවිද්‍යාල මට්ටමින් ඉගැන්වෙන නමුත් සෞන්දර්ය කලා රසවින්දනය ශී‍්‍ර ලාංකේය සමාජය තුළ ජීවන අවශ්‍යතාවයක් සේ සැළකෙන සේ සමාජ භාවිතයකට පත් වී නැති බැවින්, ස්වංපෝෂිතව සහ ස්වාධීනව නැගී සිටීම පිණිස අත්‍යවශ්‍ය වූ වෙළඳපොලක් කලාවන් හා කලාකරුවන් සඳහා නිර්මාණය නොවීමේ අභියෝගය ජය ගැනීමටත් ඉවහල් වන අධ්‍යාපනික හා සංස්කෘතිකමය සංවර්ධන වැඩපිළිවෙළක් පාසල් මට්ටමේ සිට කි‍්‍රයාත්මක කිරීම.

(9) රාජ්‍ය මාධ්‍ය නාලිකා සිය`ඵ වාර්ගික පොදු ජනයාගේ සංස්කෘතික කලා වින්දන ශක්තීන් වර්ධනය උදෙසා කල යුතු ප‍්‍රබල මෙහෙවරක් ස`දහා යොදා ගැනීම සහ එය අධ්‍යාපනික වටිනාකමකින් යුත් ජාතික මෙහෙවරක් ලෙසින් පිලිගැනීම සහ බලයට පත්වෙන කිසිදු රජයකට වෙනස් කල නොහැකි වන ලෙසින් එය රාජ්‍ය ප‍්‍රතිපත්තියක් සේ ප‍්‍රඥාප්ති ගතකිරීම.

(10) චිත‍්‍රපට කර්මාන්තය දැනට පවත්නා ප‍්‍රාග්ධන එ්කාධිකාරීත්වයෙන්, අක‍්‍රමිකතාවන්ගෙන් සහ අවිධිමත් බවින් මුදවා එය නිසි කළමනාකාරිත්වයක් යටතේ එම කලාවේ නියැලෙන සිය`ඵම කලාකරුවන්ට සාධාරණව අවස්ථා සැපයෙන කලාවක් හා නවීන තාක්ෂණ භාවිතයෙන් යුතු කර්මාන්තයක් ලෙස නගා සිටුවීම.

(11)අන්තර්ජාතික සිනමා, නාට්‍ය, නර්තන සහ සාහිත්‍ය උළෙලවල් සහ චිත‍්‍ර ප‍්‍රදර්ශන වාර්ෂිකව පැවැත්වීම ස`දහා ප‍්‍රවර්ධන කටයුතු අංශයක් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ වෙනම ඒකකයක් ලෙසින් පිහිටුවා ප‍්‍රතිපාදන සැලසීම

(12) එමෙන්ම දේශීය කලාකරුවන්ගේ නිර්මාණ ජාත්‍යන්තර උළෙල වලට සහභාගි කරවීම සහ ඒ ස`දහා එම කලාකරුවන්ට ප‍්‍රතිපාදන පිහිටුවීම සහ එයට පුද්ගලික අංශයේද සහභාගිත්වය අවධාරණය කරවීම.

(13) නිර්මාණශීලී කලාකරුවන්ගේ බුද්ධිමය දේපල රැුකවරණය සඳහා දැනටමත් සම්මත වී ඇති බුද්ධිමය දේපල පණත සකී‍්‍රය කිරීම සඳහා අවශ්‍ය පියවරයන් ගැනීම.

මෙයට – හිවතත්,

පරාක‍්‍රම නිරිඇල්ල                ධර්මසිරි බණ්ඩාරනායක               ගාමිණී වියන්ගොඩ       කේ.බී.හේරත්             ලූෂන් බුලත්සිංහල

Archive

Latest news

Related news