Friday, March 29, 2024

කි.මී. එකකට රු. කෝටි 717ක් වියදම් කරලා මේ රටේ පාරක් හදන්න ඕනැද?‘

(හකර වරං ගැහිලි)

අපේ රටේ හදන පාරකට රැපියල් කෝටි 717ක් වියදම් කළ යුතුදැයි ජවිපෙ නායක අනුර දිසානායක මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (09) නිට්ටඹුව නගරයේ පැවැති ජන රැලියක් අමතමිනි. එහිදී වැඩිදුරටත් ඔහු පාරවල් සංවර්ධනය ගැන අදහස් දැක්වීය.

‘පාරවල් හදන එක ගැනත් එකක් කියන්න ඕනෑ. ඉංදියාවේ මුම්බායි සිට නාසික් දක්වා මේ වර්ෂයේදී අධිවේගී මාර්ගයක් විවෘත කළා. දිග කි.මී. 150යි. මන්තීරු හයයි. වියදම කෝටී 9400යි. දකුණු අධිවේගී මාර්ගය හදලා ඉවර වුනේ 2011දී. දිග කි.මී. 130යි. මන්තීරු හතරයි. වියදම කෝටි 9600යි. ඒ වියදමට කතරගමට හදන්න පුළුවන් පාර මාතරයින් අවසන් කරලා. ඉතිරි මුදල් රාජපක්ෂලා ගහලා.

කෙන්යාවේ නයිරෝබිවල සිට නික්කා දක්වා අධිවේගී මාර්ගයක් හැදුවා. දිග කි.මී. 50යි. මංතීරු අටයි. වියදම කෝටී 4700යි. මේ ආණ්ඩුව හැදුවා කටුනායක අධිවේගී මාර්ගය. දිග කි.මී. 22යි. මංතීරු 4යි. මෙහෙ වියදම කෝටි 5200යි. හලාවතටත් එහා හදන්න තිබුණු පාර. කෝටි ප‍්‍රකෝටි ගණන් හොරා කෑවා. මේ මහත්තරු පාරවල් ගැන කියන නිසා තවටිකක් ඒ ගැන කතාකරන්න ඕනෑ.

මේ ආණ්ඩුව ආරම්භ කළා කොළඹ පිට රවුම් පාර. කොට්ටාව-කඩුවෙල, කඩුවෙල-කඩවත, කඩවත-කෙළවරපිටිය අවුරුද්දෙන් අවුරුද්ද පාර කොන්ත‍්‍රාත් දුන්නා. කොට්ටාව කඩුවෙල දිග කි.මී. 11යි. වියදම කෝටි 2995යි. කි.මී. කෝටි 272.3යි. කඩුවෙලා සිට කඩවතට දිග කි.මී. 8.9යි. වියදම කෝටි 4931යි. කිලෝමීටරයක් කෝටි 554යි. කඩවත සිට කෙළවර පිටියට කි.මී. 9.3යි. වියදම කෝටි 6670යි. කි.මී. රුපියල් කෝටි 717යි. මේක තමයි සංවර්ධනය කියලා කියන්නේ. අපි තමුන්නාන්සේලාගෙන් අහන්නේ මේ රටේ පාරක් රු. කෝටි 717ක් වියදම් කරලා හදන්න ඕනැද?‘

ලංකා ට්රැත් අනුග්‍රහයෙනි

Archive

Latest news

Related news