Friday, March 29, 2024

මානව හිමිකම් දිනයේ යාපනේ තරුණයින්ට හමුදාවෙන් තහංචි

(යාපනයේ හමුදා පිරිස් : පුස්තකාල ජායාරූපයකි)

යාපනයේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වීමට යමින් සිටි මන්නාරමේ දෙමළ තරුණ පිරිස් ඉන් වැළැක්වීමට යුද හමුදා පිරිස් උත්සාහ ගත් බව දෙමළ ජනමාධ්‍ය වාර්තා කරයි

ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු පළාත් සභා මහ ඇමැති විග්නේහ්වරන් සහභාගි වූ මෙම සම්මන්ත්‍රනය පවත්වන ලද්දේ AFRIEL නම් සංවිධානයක් විසිනි.

AFRIEL හි මධ්‍යම කමිටු සාමාජික රවීන්ද්‍ර ද සිල්වා මහතා ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව සහ බුද්ධි අංශ මෙම සම්මන්ත්‍රණය වැළැක්වීමට විවිධ පියවර ගත් බවයි. සංවිධායකයින්ට තර්ජනය කිරීම, ශාලාවක් වෙන් කර ගැනීමට අවහිර කිරීම සහ සම්මන්ත්‍රණය අවස්ථාවෙහි විශාල හමුදා කණ්ඩායමක් යෙදවීම ඒ අතර වී තිබේ. මේ නිසා හසකට වැඩි තරැණ පිරිසකට මෙම අවස්තාවට සහභාගි වීමට ලැබී නැත.

එසේ නමුත් එක්දහස් පන්සියයක් පමණ තරුණ පිරිස් එයට සහභාගි වූ අතර සී.වී. විග්නේශ්වරන් මහතා ‘නිදහස කරා ගමන 2014 තරුණ ප්‍රකාශණය‘ මැයෙන් සිය දේශණය පවත්වන ලදී.

Archive

Latest news

Related news